
විශ්වවිද්‍යාල මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ රුපියල් මිලියන 440කට අධික මුදලක් ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සඳහා යොදාගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මේ බව අනාවරණය කළේය.
පහළොස් දහසක් වූ දරුවන් රුපියල් 5500 බැඟින් මහපොළ අරමුදලෙන් ලැබෙන බවත් එම මහපොළ අරමුදලේ මුදල් පවා බැඳුම්කර වංචාව යොදා ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.
අවම වශයෙන් රුපියල් මිලියන 440 ක් මේ සඳහා යොදාගෙන ඇති බවත් දැනට හඳුනාගෙන ඇති ආකාරයට ඒ තුළින් සිදුවූ පාඩුව රුපියල් මිලියන 18 ක් බවද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





















































