
ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ අද(25) උදෑසන සිට වර්ජනයක නිරත වන බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අද උදෑසන 3.45ට මෙම වර්ජනය ආරම්භ කළ බවත් මේ වන විටත් වර්ජනය ක්‍රියාත්මක බව අප වාර්තාකරු සඳහන් කළේය.
දුර ගමන් සේවා බස් සඳහා කෙටිදුර ගමන් කරන බස් සේවා විසින් සිදුකරන බාදා කිරීම් හේතුවෙන් විරෝධය දැක්වීම සඳහා මෙලෙස වර්ජනයක නිරත වන බව වර්ජකයන් සඳහන් කළේය.
මේ හේතුවෙන් මගී ජනතාව දැඩි ලෙස පීඩාවට ලක්ව ඇති බව අප වාර්තාකරු වැඩදුරටත් පැවසීය.

















































