
වැල්ලවත්ත සහ කොල්ලුපිටිය අතර මුහුදුබඩ මාර්ගයේ ගමනා ගමන හෙට(24) දිනයේ සීමා කරන බව පොලීසිය පවසයි.
2018 ජාතික ශූරතා පාපැදි තරඟාවලිය හේතුවෙන් හෙට උදෑසන 07.00 සිට පස්වරු 03.00 දක්වා කාලය තුළ අදාළ මාර්ගයේ ගමනා ගමන කටයුතු සීමා කරන බව පොලීසිය සඳහන් කළේය.
එබැවින් අදාළ කාලසීමාව තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය එම මාර්ග භාවිතා කරන ජනතාවගෙන් සහ රියදුරන් ඉල්ලීමක් කරයි.





















































