
පවතින වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට කළු ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම කළුතර, මදුරාවල, දොඩංගොඩ, හොරණ, පාලින්ද නුවර, බුලත්සිංහල, ඉංගිරිය, මිල්ලනිය, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත, රත්නපුර ප්‍රදේශවල කළු ගඟ අවට පහත්බිම්වල අවධානම් ස්ථානයන්හි ජීවත්වන ජනතාව ආරක්ෂිත ප්‍රදේශ බලා ඉවත්වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියි.





















































