
ජනප්‍රිය ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද(01) රාත්‍රී ඔහු අභාවප්‍රාප්ත වුණි.
පසුගියදා ඉතාලියේ පැවති ප්‍රසංගයක් අතරතුර ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා රෝගී වී ඇති අතර, අනතුරුව ඔහු දිවයිනට පැමිණ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 60 සහ 70 දශකයේ මෙරට ජනප්‍රිය ගායකයෙකු වූ සී.ටී ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයෙක්ය.
මී අඹ වනයේ, මී වදයකී ජීවිතේ, සීගිරි සුකුමාලියේ, හෙල ජාතික අභිමානේ, පියුමෙහි පැණි බොති වැනි සිය පියා ගායනා කළ ගීත ගායනා කරමින් මෙරට රසිකයින් අතර ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ජනාදරයට පත් වුණි.

















































