header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ඉදිරි වැඩ කටයුතු කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Apr 25, 201804:17 PM
දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ඉදිරි වැඩ කටයුතු කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Mobitel 1278

2018-2037 කාල පරාසය සඳහා පිළියෙළ කරන ලද දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නැංවීම පිළිබඳ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

මෙරට ඉදිරි විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සඳහා 2018 වසරේ සිට 2037 දක්වා කාල පරාසය තුළ ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

අදාළ සැලැස්ම කි‍්‍රයාවට නැංවීම පිළිබඳ ගැටලූ ඇත්නම් සාකච්ඡා කර, පවතින බාධාවන් ඉවත් කර ගනිමින් මෙම කටයුතු කඩිනම් කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මහජනතාවගේ ගැටලූවලදී ඔවුන් පීඩාවට පත්වීමට ඉඩ නොතබා මානුෂීය තීන්දු තීරණවලට එළැඹීම අත්‍යාවශ්‍ය බවයි.

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ඉල්ලමින් සහ වෙනත් වෘත්තීය ගැටලූ කිහිපයක් මුල් කරගනිමින් විදුලි ඉංජිනේරුවන් විසින් මෙම 08 වනදා ගැනීමට නියමිතව තිබූ වෘත්තිය කි‍්‍රයාමාර්ගයෙන් ඉවත්වන ලෙසට ද මෙහිදී ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ සෙසු ඉල්ලීම පිළිබඳ ද ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.

අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, සාගල රත්නායක යන මහත්වරුන්ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල,ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සාලිය මැතිව්, විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

"අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

 දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

 උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

 "පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

"පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

 "ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

"ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

 නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

 "අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

"අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

 විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

 ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

 ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...