Back to Top

විපක්ෂ නායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට මනොගේ විරෝධය

විපක්ෂ නායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට මනොගේ විරෝධය

April 13, 2018  06:47 pm

Bookmark and Share


විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන බවට පැවසෙන විශ්වාසභංග යෝජනාවට විරෝධය පළකරන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

මෝදර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

මෝදර , මිස්ෆා කිතුණු දේවස්ථානයේ 25 වන සංවත්සරය ඊයේ පස්වරුවේ පැවැත්වුණේ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතාද එක්ව සිටියේය.

MOST VIEWED VIDEO STORIES