header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මහනුවර ඇති වු කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් ප‍්‍රථමවරට හෙළිදරව්වක්
Mar 17, 201803:47 PM
මහනුවර ඇති වු කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් ප‍්‍රථමවරට හෙළිදරව්වක්
Mobitel 1278

වියොන් නිවුස් වෙබ් අඩවිය හෙවත් World Is One News යන ගෝලීය ප්‍රශ්න විශ්ලේෂනාත්මක මුහුණුවරකින් වාර්තා කරනු ලබන ඉන්දියානු වෙබ් අඩවියක් මඟින් ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපයේ මහනුවර හා අම්පාර ප්‍රදේශවල ඇති වූ කලබලකාරී තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකසා අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම නගරය හා දළදා මාලිගාව පිහිටා තිබෙන පූජනීය නගරය වන මහනුවර හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර දැඩි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ වසර 30ක් දීර්ඝ යුද්ධය අවසන් වී වසර 6ක් ගතවී තිබේ. එම වසර 6ක ප්‍රගතිශීලී සාමය බිඳ දැමුවේ කවර බලවේගයක් යනුවෙන් ඔවුන් ප‍්‍රශ්න කර තිබේ.

දිවයිනේ නැගෙනහිර වෙරළ හා මධ්‍යම කඳුකරය ආශ්‍රිතව පැවති සන්සුන් බව බිදී ගොස් ඇත. නැගෙනහිර පළාතේ අම්පාර සහ පූජනීය මහනුවර මෙන්ම ඒවායේ උප නගරයන්ද සතියකට වඩා වැඩි කාලයක සිට කැරලි කෝලාහලවලින් පිරී ගොස් ඇතග රටේ මහජාතිය වන සිංහල කලහකාරී පිරිස් රටේ දෙවන විශාලතම සුළු ජාතිය වන මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ කඩ සාප්පු පහරදුන් බව වාර්තා වෙයි.

එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර දෙදෙනෙක් රෝහල් ගතකර තිබේ. අමිත් ජීවන් වීරසිංහ නැමති ප්‍රධාන සැකකරු ඇතුළු 81 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තවමත් ජාත්‍යන්තර මාධ්‍ය අති බහුතරය විශේෂයෙන්ම මැදපෙරදිග සම්බන්ධ මාධ්‍ය සිද්ධිය ලේ පිපාසිත සිංහලයන් හා ගොදුරු බවට පත්වූ මුස්ලිම්වරුන් ලෙස වාර්තා කරමින් අතිශයෝක්ති ගත චිත්‍රයක් සමාජගත කරමින් සිටී. නමුත් වියෝන් අපි ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල විශ්ලේෂකයන්ට කතා කරමින් අප සොයාගන්නා චිත්‍රය තරමක් වෙනස් එකකි.

සිංහලයන්ගේ නොඉවසිල්ල වැඩිවී ඇති අතර මෙවර එහි ඉලක්කය දමිල ජාතිකයන් නොව රටේ වෙසෙන මිලියන දෙකකට ආසන්න මුස්ලිම්වරුන් බව සත්‍යයකි. ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. නමුත්, 2009 සිට මුස්ලිම්වරුන් පිළිබඳව රට තුළ වර්ධනය වන අවිශ්වාසයට මූලික වූ හේතුව විමසා බැලිය යුතුය.

එයට මූලික හේතුව වී ඇත්තේ ලොව ඉව්සිලිවන්තම හා සාමකාමීම මුස්ලිම් ප්‍රජාවන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතර වහාබිවාදය පැතිර වීමයි.

ශ්‍රී ලංකාවේ ළඟම අසල්වැසියා වන මාලදිවයින ඒකාධිපති ජනාධිපතිවරයාගේ ආශිර්වාද මධ්‍යයේ දැනටමත් සෞදි අරාබියේ ධනය හා රැඩිකල් ඉගැන්වීම්වලින් පීඩා විඳින බව නොරහසකි.

සෞදි අරාබිය ඉංග්‍රීසි කතා කරන වහාබි දේශකයන් පුහුණු කරමින් ලොව වටා රටවල්වලට පිටත්කර යවන අතර ඒ සඳහා විශාල මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන දකුණු ආසියාව තරම් ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් වෙනත් කලාපයක් නැත.

ස්මයිල් මින්ක්, සාකිත් නායක් හා තාරික් ජමීල් යනු සෞදිය විසින් පුහුණුකර යැවූ එවැනි මතභේදාත්මක කථිකයන් අතරින් කිහිප දෙනෙකි. මින්ක්ට එක්සත් රාජධානියට හා සිංගප්පුරුවට පිවිසීම තහනම් කර ඇති අතර සාකිත් නායක් ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගැනීමට අත්‍යාවශ්‍යම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක් කර ඇත.

ශ්‍රී ලාංකික වාර්තාකරුවන් රිස්වි මුෆ්ති සහ මුයිස් බුඛාරී වැනි වහාබි දේශකයන් වෙත ඇඟිල්ල දිගු කරයි. දැන් මෙම සංඛ්‍යා ලේඛන දෙස අවධානය යොමු කරමු. මදර්ශාහ් (ඉස්ලාම් ආගම උගන්වන ආයතන) 749ක්, ඉස්ලාම් විශ්වවිද්‍යාල එකක්, අවම වශයෙන් ප්‍රධාන මුස්ලිම් පල්ලි 10ක් හා දුසිම් ගණනක් කුඩා මුස්ලිම් පල්ලි ශ්‍රී ලංකාව තුළ ඇත. ඒ අතරින් මුස්ලිම් පල්ලි සියයට 90ක් ම වහාබි දේශකයන්ගේ ග්‍රහණයේ පවතින අතර ශ්‍රී ලාංකික මුස්ලිම්වරු 33 දෙනෙක් පමණ ඉස්ලාම් ජනපද ISIS ත්‍රස්ත ව්‍යාපාරයට බැදී ඇති බව වාර්තා වෙයි.

සිංහලයන්ගේ නොඉවසිල්ල වර්ධනය වීමට මූලිකම හේතුව ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ඉවසිලිවන්ත ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ හැසිරීමේ දක්නට ලැබුණ වෙනස්කම් නිසා බවයි. මුස්ලිම් දේශකයන්ගේ වර්ධනය වන කර්කශ බව හා හිජාබය දිවයිනේ ප්‍රචලිත කිරීම එම වෙනස්කම්වලට මග පාදා තිබේ.

එහෙත් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ කැරැල්ලට මග පෑදු තවත් විශ්මිත අංගයක් පසුගිය 08 වන දා ලංකන් ඩේලි වෙබ් අඩවිය සඳහා ඔහු දායක වූ ලිපියක පෙන්වා දුන්නේය.

කෙසේ හෝ ශ්‍රී ලංකාව කෑලි වලට කැඩීමට අපේක්ෂාවෙන් සිටින විදේශ බලවේගයන් දෙසට හෙතෙම ඇඟිල්ල දිගු කරයි. එම සංසිද්ධිය ඉන්දියන් සාගරය මධ්‍යයේ, තීරනාත්මක තෙල් නැව්ගත කිරීමේ නාවික ගමන් මාර්ගයක, පිහිට තිබෙන ශ්‍රී ලංකාව තරම් හොඳින් කිසිදු රටක් අත්දැක නැත.

වියෝන් ප්‍රවෘත්ති අංශයේ සිට පද්මා රාඕ සජීවීව දැන් මා හා සම්බන්ධ වනවා. සුබ සන්ධ්‍යාවක් පද්මා, වසර ගණනාවක දමිල අන්තවාදයෙන් පසු දැන් අප බලමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් රැඩිකල්වාදයේ වර්ධනය දෙස.

ත‍්‍රස්ථවාදය මෙහෙය වූ දමිල ජනතාව අතර ත්‍රස්තවාදය හා එකම තලයක තැබීමට තරම් දුරට මා යන්නේ නෑ. එයට දෙමළ ත්‍රස්තවාදය කීම එතරම් ගැලපෙන්නෙ නෑ, මොකද එම ත්‍රස්තවාදය තිබුනේ දෙමළ ඩයස්පෝරාවේ මූල්‍ය ආධාර, සහාය සහ අනුබලය ලැබුණු පුද්ගල කණ්ඩායමක ග්‍රහණයේ.

එම නිසා අපි එවැනි සංසන්දනයක් නොකර ඉමු. නමුත් නිසැකවම ඔව්, මුස්ලිම් රැඩිකල්වාදයේ වර්ධනයක් තිබෙනවා, ඒක විශ්ලේෂකයොත් පෙන්වා දෙන්නේ. 2009 යුද්ධය අවසන් වූ දා සිට එය වර්ධනය වෙමින් තිබෙනවා.

ඒ වගේම ඔබ දන්නවා දේශ සීමා, බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තිබෙන්නේ සිදුරු සහිත දේශ සීමා හා ආගමන පාලකයන් එවැනි රැඩිකල්වාදීන් රට තුළට ඇතුල් වීම හා ක්‍රමයෙන් ඔවුන්ගේ ඉගැන්වීම් ව්‍යාප්ත කරමින් ලොව ඉවසිලිවන්තම මුස්ලිම් ප්‍රජාවකගේ මනසට විෂ ඇතුල් කිරීම වැලක්වීමට ගන්නා පියවර ප්‍රමාණවත් නොවීම පිළිබඳවය.

ඔබ දන්නවා මාලදිවයින වැඩි ඈතක නොවෙයි තිබෙන්නේ, දිශාවන් දෙකෙන්ම එනම් මාලදිවයිනෙන් සහ කොළඹ ගුවන් තොටුපොලෙන් වහාබි දේශකයන්ගේ ඇතුල්වීම සිදුවෙමින් තිබෙනවා. ඔවුන් මිනිසුන් මුණගැසෙමින්, රැස්වීම් පවත්වමින් වහාබ්වාදය උගන්වමින් සිටිනවා.

සාමාන්‍ය ගම් වැසියන් මේ චිත්‍ර දෙකක් දැක, කතාවක් ගොඩනගාගෙන තිබෙන්න අනුමාන වශයෙන්, ඔවුන් ඉස්ලාම් ජනපදය දකිනවාල ඒවගේම ඔවුන් අහල තිබෙනවා.

ISIS ත්‍රස්තවාදයට එක් වූ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු 33 දෙනා පිළිබඳව. මේ කුඩා ගම්වල සාමාන්‍ය වැසියෝ බියට පත්වෙනවා ඔවුන්ගේ ප්‍රදේශවලට, එම කලාපයට ආවේණික නොවන සලකුණු දකින විට. එනම් පල්ලිවල වහාබි දේශකයන්, වැඩි වැඩියෙන් මුහුණ ඇතුළු මුළු සිරුරම ආවරණය කරගත් කාන්තාවන් දකින විට. ඔබත් දන්නව මේවා විදේශ මෙහෙයවීම්, එවැනි විදේශීය බලපෑම් එල්ලවන විට මිනිස්සු කලබලයට පත්වීමේ නැඹුරුවක් තිබෙනවා.

කෙසේ වුවත් මීට පෙරත් කියූ පරිදි, මම නැවතත් අවධාරණය කරන්න කැමතියි, කිසිදු ප්‍රජාවකට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට, බහුතරය හෝ සුළුතරය වේවා වියෝන් සහාය නොදක්වන බව.

නමුත්, අවාසනාවකට අපට සිදුවෙනවා මෙවැනි සිදුවීම්වල මූලය දෙස බැලීමට. අපට බෑ සියලුම සිංහලයන් හා සියලුම මුස්ලිම්වරුන්ට එකම ලේබලයක් ගහල වර්ග කරන්න ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය සතියක කාලය තුළ සිට කරමින් ඉන්නවා වගේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්