
සූර්ය බල සංග්‍රාමය යටතේ මෙරට විදුලිබල පද්ධතියට මෙගා වොට් 42.5ක ජනන ධාරිතාවයක් ලබා දීමට හැකි වී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මේ වන විට දිවයින පුරා විවිධ ධාරිතාවයෙන් යුත් සූර්ය බල පද්ධති 5000ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.
මේ අතර විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන නියාමනය සඳහා වූ මහජන අදහස් ලබා ගැනීම ලබන 12 වනදා සිට ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එහි අධ්‍යක්ෂ දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේ ඒ සඳහා ලිඛිත සහ වාචික අදහස් ලබාදීමට මහජනතාවට හැකියාව පවතින බවයි.





















































