
බැඳුම්කර ගනුදෙනුවට අදාළ දුරකථන සංවාදයන් පටිගත කිරීමේ පද්ධතියෙන් මකාදමන ලෙස තමාට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන මහතා උපදෙස් දුන් බව එහි ප්‍රධාන අලෙවිකරු නුවන් සල්ගාදු මහතා බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය කර තිබේ.
අද දිනයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ එම ක්‍රියාව සම්බන්ධයෙන් තමා කොමිසමෙන් සමාව අයැද සිටින බවයි.
2015 වසරේ සිට දුරකථන ඇමතුම් පටිගත කිරීමේ පද්ධතියේ සටහන් වන සියලු ඇමතුම් වලට සවන් දෙන ලෙද ප්‍රධාන විධායක නිලධාරියා තමාට උපදෙස් ලබාදී තිබූ බව නුවන් සල්ගාදු මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව සමාගම රුපියන් බිලියන 40ක බැඳුම්කර මිලදී ගැනිමට අදාළ දුරකථන සංවාද 10ක් තමා විසින් මකාදැමූ බව ඔහු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කර ඇත.





















































