පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් හෙට සහ අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත විභාග දෙකක් අවලංගු කර තිබේ.
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවාගැනීමේ සීමිත තරඟ විභාගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය අනිද්දා පැවැත්වීමට නියමිතව තිබුණි.
ආපදා තත්ත්වය හේතුවෙන් එම විභාග අවලංගු කර ඇති අතර විභාග නැවත පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊට අදාළ නව විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී නිකුත් කරන අතර 0112 78 52 30 සහ 0112 17 70 75 යන දුරකථන අංක ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.