
ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, ටවර් හෝල් පදනමේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපදේශක ඇතුළු පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙසද සේවය කළ එතුමා මියයන විට 80 වන වියෙහි පසු විය.
වගුරු බිම (1963), වහලක් නැති ගෙයක් (1964), තොත්ත බබා (1965), අම්මයි අප්පයි (1966), කෝන්තරේ (1968), මූණු සයකි රූකඩයකි (1970), ජුලී (1977), ශ්‍රී වික්‍රම (1979), සැරද සීතා (1980), දේවී (1988), හොරා පොලිස් (2003) යන නාට්‍ය ප්‍රේමරන්ජිත් තිලකරත්න මහතා විසින් රචනාකර නිෂ්පාදනය කරන ලදී.
තම නිර්මාණ කාර්යන් වෙනුවෙන් නිතැතින් සම්මානයට පාත්‍ර වූ එතුමා ජනප්‍රිය ස්වතන්ත්‍ර සහ පරිවර්තන පොත් රාශියක රචකයකුද වේ.
එතුමාගේ අවසන් කටයුතු 2017 මැයි මස 13 වන දින සවස 5 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

















































