
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක් බදු සහන යටතේ විදේශීය සමාගමකට අලෙවි කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.
කොම්පඤ්ඤවීදියේ අක්කර 8ක භූමියක් විදෙස් සමාගමකට විකිණීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ රජය මේ වන විට පෞද්ගලික දේපල ද විදෙස් සමාගම් වෙත අලෙවි කිරීමේ නිරතව සිටින බවයි.
එමෙන්ම වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව දූෂිත රටවල් වර්ගීකරණ දර්ශකය ඇතුළු අනෙකුත් දර්ශකවල පහළ ස්ථානයකට වැටී ඇති බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.





















































