header logo
Vallibel FD
උණුසුම් පුවත්
ලෝකයම හොල්ලන චරිතයක් පොදු අපේක්ෂකයා ලෙස ගේනවා
Jan 17, 201705:29 PM
ලෝකයම හොල්ලන චරිතයක් පොදු අපේක්ෂකයා ලෙස ගේනවා
Mobitel 1278

ඒකාබද්ධ විපක්ෂය විසින් රටම නොව ලෝකයම හොල්මන් කරන ලෝකයම හොල්ලන්නට හැකි දැවැන්ත චරිතයක් අපේක්ෂකයා විධියට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

2019 සැප්තැම්බර් මාසයේ දී ජනපතිවරණය ප්‍රකාශ කරන්නට ව්‍යවස්ථාවෙන් බැඳී සිටින බවත්, හැමදාමත් වගේම මේ පාරත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නේ ජනපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුව බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(17)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

පෝට් සිටි නැතිනම් කොළඹ වරාය නගරය හදන විට චීනය ලංකාව ගිල ගන්නවා කියා ඒකට විරුද්ධ වුණු ඉන්දියාව ඒ නිසාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න කටයුතු කළ ඉන්දියාව හම්බන්තොටින් අක්කර 20,000ක් චීනයට දෙන විට නිහඬයි. මුළු කොළඹ නගරයම වර්ග කිලෝමීටර් 37යි. ශ්‍රී ලංකාවේ අගනුවර කෝට්ටේ වර්ග කිලෝමීටර් 14 යි. නමුත් මෙතන වර්ග කිලෝමීටර 67 ක්. කොළඹ වගේ දෙගුණයක භූමි කලාපයක් තමයි මේ චීනයට අයිත් වෙන්නේ. ලංකාව ඇතුලේ පුංචි චීනයක් හැදෙනවාට නිහඬයි. තමන් බලයට ගෙනා තමන්ගේ සුරතලා තමන්ගේ පිලිකන්න චීනයට දෙන විට ඉන්දියාව නිහඬ ඇයි? ඇමෙරිකාව නිහඬ ඇයි? විශේශයෙන්ම තමන් බලයට ගෙනාපු සුරතලා තමන්ගේ පිළිකන්න සතුරට දෙද්දි ඉන්දියාවෙන් මිසක් සද්දයක් නෑ.

අපිට පේන්නේ චීනයට හම්බන්තොට දීම විතරයි. නමුත් දිගුකාලීන සැලැස්ම ඒ අය දන්නවා. ත්‍රිකුණාමලය ඉන්දියාවටත් කොළඹ වරාය ඔස්ට්‍රේලියානු සමාගමක් හරහා ඇමෙරිකාවට දෙන්නත් ආණ්ඩුව එකඟ වී ඉවරයි. නමුත් අපේ රටේ ඇමරිකාවට හා ඉන්දියාවට එරෙහි විරෝධයක් තියෙනවා. ඒ නිසා තමයි මේ අය මුලින්ම චීනය දැම්මේ. ආණ්ඩුවත් බටහිර බලවතුනුත් හිතුවේ චීනය අපේ යාළුවා නිසා චීනයට හම්බන්තොට දීමට අපි විරුද්ධ වෙන එකක් නෑ. ඒක පූර්වාදර්ශය කර ගෙන ඉන්දියාවට ත්‍රිකුණාමලයත් ඇමෙරිකාවට කොළඹත් දෙන්න පුළුවන් කියලා. ඉන්දියාවයි ඇමෙරිකාවයි ඉවසීමෙන් බලා ගෙන ඉන්නේ චීනය කපන පාර දිගේ ඇවිත් ලංකාවම ගිල ගන්න. නමුත් යාළුවා වුණත් රට හානි කර දෙයක් කරන්න අපි ඉඩ තියන්නේ නෑ. කඩුව රත්තරන් වුණත් ඇන්නොත් මැරෙනවා.

අපි සරල උදාහරණයක් ගමු. මගේ දුව ඉගෙනීමට දක්ෂයි. උසස් පෙළ සමත් වී වෛද්‍යවරියක වෙලා අපේ පවුලම දුප්පත් කමෙන් මුදා ගැනීමට පුළුවන් එයාට විතරයි. දැන් මගේ හොඳම යාළුවා ඇවිත් කියනවා. දුව එයාට බන්දලා දෙන්න කියලා. හොඳම යාළුවා අමනාප කර ගන්න බෑ කියලා මුළු පවුලේ ම බලාපොරොත්තුව විනාශ කරන්න පුළුවන් ද? බෑනේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් වුණේ වරාය නිසා. ඒ වගේම ලංකාව සංවර්ධිත රටක් කර ගන්න තිබෙන ලොකුම සම්පත තමයි හම්බන්තොට වරාය. ඒක බිලි දෙන්න අපි එකඟ නෑ.

ඒ විතරක් නෙමෙයි දුව බන්දල දෙන්න හදන අම්මයි තාත්තයි ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ. අපේ පවුල ගොඩ දාන්න ඉන්න අපේ ආදරණීය ලොකු අක්කා විදිහටයි අපි මේ වරාය දකින්නේ. ඒ නිසා අම්මයි තාත්තයි කියලා ඒ දෙන්නට ඕන විදිහට අක්ක දෙන්න නම් අපි ඉඩ තියන් නෑ. ඒ වගේම අපි මතක් කරන්න ඕන 2017 ම මේ ආණ්ඩුව පෙරලන්න ඕන කියලා අපි කියන්නේ තව අවුරුද්දක් මේ ආණ්ඩුව කරගෙන යන්න දුන්නොත් තව කිසි දෙයක් මේ රටේ ඉතුරු වෙන් නෑ. දකින දකින දේ මේ දෙන්නා විකුණනනවා. අපි පාසැල් යන කාලේ හිටියේ ෂොකේමන් සහ සමරසිංහ ප්‍රසිද්ධ වෙන්දේසි කරුවෝ කියලයි. නමුත් අද ඒ දෙන්නා වෙනුවට සිරිසේන සහ වික්‍රමසිංහ ප්‍රසිද්ධ වෙන්දේසි කරුවන් රටේ තියෙන හැම සම්පතම නොරටුන්ට විකිනීම කරගෙන යනවා.ඒ නිසා මේ වෙන්දේසි කරුවන් එලවලා ජනපතිකෙනෙකුයි අගමැති කෙනෙකුයි හදාගැනීමේ වගකීමක් මේ රටේ ජනතාවට තියෙනවා.

මා මිත්‍ර ඩිලාන් පෙරේරා ඇමතිතුමා කියනවා. ඒකාබද්ධ විපක්ෂයෙන් ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ එජාපය දිනවන්න ලු. ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් අගමැතිත් ශ්‍රිලනිපයෙන් ජනපතිත් ඉදිරිපත් වෙන බව පේන්නේ. ජනපති මේ ආණ්ඩුවේ ප්‍රධානියා. අගමැති දෙවනියා. මේ ආණ්ඩුව රටට කරන විනාශයට මේ දෙන්නාම එක වගේම වග කියන්න ඕනෑ. විධායක බලය තිබෙන ජනපති වැඩිපුර වග කියන්න ඕනෑ කිසි බලයක් නැති අගමැතිට වඩා. මේ ආණ්ඩුවේ වැඩසටහන හොඳයි කියලා තවමත් හිතන සුළු පිරිස වෙනුවෙන් තමයි මේ දෙන්නාම ජනපතිවරණයට එන්නේ. එතකොට මේ ආණ්ඩුව රට විනාශ කරනවා කියලා හිතන බහුතර ජනතාව වෙනුවෙන් අපේක්ෂකයෙකු කෝ? අන්න එයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. අශ්වයාට කලින් කරත්තය යන සිරිතක් නෑ. 2019 සැප්තැම්බර් මාසයේ දී ජනපතිවරණය ප්‍රකාශ කරන්න ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා. හැමදාමත් වගේම මේ පාරත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නේ ජනපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුවයි. අපි රටම නොවේ ලොවම හොල්මන් වෙන ලොවම හොල්ලන්න පුළුවන් දැවැන්ත චරිතයක් අපේක්ෂකයා විධියට ඉදිරිපත් කරනවා.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana