
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට හෙට (10) දින ජපානය සමග ගිවිසුමකට එළඹෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ජපානයේ අන්තර්ජාතික සහයෝගීතා නියෝජිත ආයතනය සමග සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.
නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන එකයි දශම පහක්ය.
ඉහළ ගුණාත්මකභවෙන් යුත් ඖෂධ දේශීය වෙළෙඳපොළට සහ දිවයින පුරා රෝහල් වෙත සැපයීමේ අරමුණින් ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.
2018 වසර වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට 75ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම අපේක්ෂාව වන අතර ඒ සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග ඖෂධ සමාගම් තිස් දෙකක් ගිවිසුම් අත්සන් කිරීමට ද නියමිතය.





















































