
රුපියල් මිලියන 475ක වියදමින් ඉදිකළ හෝමාගම නව අධිකරණ සංකීර්ණය හෙට ජනතා අයිතියට පත් කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙරවරුවේ එය විවෘත කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
හෝමාගම අධිකරණ බල ප්‍රදේශයේ වසර ගණාවක සිට ජනතාව මුහුණදුන් දුෂ්කරතා හඳුනාගෙන අධිකරණ සංකීර්ණයන් තුළ මහාධිකරණ, දිසාඅධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ හා වාණිජ අධිකරණ සේවා ජනතාව අපේක්ෂා කරන පරිදි පුළුල් සේවාවක් බවට පත් කිරීම මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීමේ අරමුණ වේ.





















































