header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කවුද මේ ට්‍රම්ප්?
Nov 10, 201603:38 PM
කවුද මේ ට්‍රම්ප්?
Mobitel 1278

සටහන
සුරෝෂන ඉරංග

මේ දිනවල අමෙරිකාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම අවධානය දිනා ගෙන ඇති පුද්ගලයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දිය හැකිය. ඒ පසුගිය දින පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන් අභිබවා ජය ලැබීමට සමත් වීමත් සමඟිනි.

විශේෂයෙන්ම මැතිවරණ ප්‍රචාරණ කාල සීමාව තුළ ට්‍රම්ප් විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් ඔහු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමුවිය. එසේම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබුව ද අමෙරිකානු ජනතාව වෙතින් ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා ව්‍යාපාර දියත් වෙමින් පවතී. ඒ අනුව අමෙරිකානු දේශපාලන කරළිය තුළින් බිහිවී ලෝක දේශපාලන කරළිය උඩු යටිකුරු කිරීමට උත්සාහ දරණ මෙම ඩොනල්ඩ් ට්‍රම්ප් යනු කවුද? මේ ඒ පිළිබඳව විමසා බැලීම සඳහා තබන සටහනකි.

1946 ජූනි මස 14 දින උපත ලැබූ ට්‍රම්ප්ගේ සම්පූර්ණ නම වන්නේ ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්ය. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් හා කර්තෘවරයෙක් ද වේ. එසේම “ට්‍රම්ප් සංවිධානය” නමින් පිහිටුවා ගන්නා ලද සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ට්‍රම්ප් එන්ටර්ටේන්මන්ට් රිසෝර්ට් නැමැති සූදු හා හොටල් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන්නේ ද ට්‍රම්ප්ය.

ට්‍රම්ප් ව්‍යාපාරික ලෝකයට පිවිසෙන්නේ සිය උසස් අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින අවධියේදීය. ඒ එම සමයේදී තම පියාගේ සමාගමට සේවය කිරීමට එක්වීමෙනි. අනතුරුව 1968 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝටන් පාසලෙන් සිය උපාධිය සම්පූර්ණ කරන ට්‍රම්ප් එම සමාගමට එක්වී 1971 දී එහි පාලනය ලබා ගන්නා අතර පසු කාලීනව ද එහි නම Trump Organization ලෙසද වෙනස් කරනු ලබයි. පසුව කැසිනෝ සූදු මධ්‍යස්ථාන, හෝටල් හා ගොල්ෆ් පිටි ඇතුළු තවත් බොහෝ ව්‍යාපාර ද ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබේ. එසේම රූපවාහිනී නිවේදකයෙක් ලෙසද කටයුතු කළ ලබන ට්‍රම්ප් 2004 සිට 2015 දක්වා එන්.බී.සී. රුපවාහිනියේ විකාශය වූ ජනප්‍රිය අප්‍රෙන්ටිස් නමැති ජනප්‍රිය රියැලිටි වැඩසටහනද මෙහෙයවීය. තව ද ග්‍රන්ථ කිහිපයක්ද රචනාකර ඇති ට්‍රම්ප්ගේ වර්තමාන වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 3.7 ක් බව පැවසේ.

තුන් වතාවක් විවාහ වී ඇති ට්‍රම්ප් ගේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූ බිරිඳ වූයේ චෙච්නියානු ජාතික ක්‍රීඩිකාවක සහ නිරූපන ශිල්පිනියක වූ ඉවානා සෙලනිකොවාය. ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටි අතර 1990 දී එම විවාහය දෙදරා ගියේය. අනතුරුව 1993 දී නිලියක්වූ මාර්ලා මේපල් සමඟ විවාහයෙන් දියණියක් ලැබුණු අතර 1999 දී එම විවාහයද දික්කසාදයකින් කෙළවර විය. ඔහුගේ වර්තමාන බිරිඳ වන්නේ නිරූපිකාවක වන මෙලනියා නවුස්ය. 2005 වසරේ දී විවාහවූ ට්‍රම්ප් සහ මෙලනියාට දරුවන් තිදෙනෙක් සිටියි.

ට්‍රම්ප් 2000 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීම ආරම්භ කළ නමුත් පසුව එයින් ඉවත් විය. කෙසේ වුවත් 2015 ජූනි 16 දින ට්‍රම්ප් විසින් තමා 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් ලෝක දේශපාලන කරළිය තුළ කථාබහට ලක්වන චරිතයක් බවට පත්විය.
ට්‍රම්ප් පිළිබඳ බොහෝ දෙනා අවධානය යොමු කරන ලද්දේ ඔහුගේ ඇතැම් මතභේදාත්මක අදහස් හේතුවෙනි.

එනම් NAFTA සහ TPP වැනි වෙළඳ ගිවිසුම්වලට සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීම, එක්සත් ජනපද හා මෙක්සිකෝ මායිම ඔස්සේ ප්‍රාකාරයක් ඉදිකිරීම මඟින් ආගමනය බලාත්මක කිරීම, NAFTA සහ එක්සත් ජනපදය හා චීනය අතර වෙළඳ ගිවිසුම් සාධාරණ ලෙස නැවත ගිවිස ගැනීම, සෙබලුන්ට සත්කාර කිරීමේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීම, PPACA නැමැති සෞඛ්‍ය සත්කාර සම්බන්ධ ෆෙඩරල් ආඥාපනත අහෝසි කර ඒ වෙනුවට වෙනත් සෞඛ්‍ය ආඥාපනතක් ගෙන ඒම මෙන්ම බදු කප්පාදු කිරීම වැනි ආන්දෝලනාත්මක අදහස් හේතුවෙන් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාරය ජනතාව අතර වඩාත් අවධානයට ලක්විය. එසේම ISIS සංවිධානය වහා පරාජයට කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවද ඔහු විසින් අවධාරණය කරන ලදි.

එමෙන්ම මුස්ලිම් ජාතිකයින් පිළිබඳ ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශ ද බොහෝ මතභේදයට ලක්විය. ඒ අනුව මුස්ලිම් ජාතිකයන් ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීම වහාම නතර කළයුතු බවට දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පැවති රැළියකදී ට්‍රම්ප් විසින් සිදු කළ ප්‍රකාශය එවැන්නකි. කෙසේ වුවත් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සාධාරණීකරණය කරන ලද්දේ මුස්ලිම්වරුන්ගෙන් වැඩි පිරිසක් අමෙරිකාව කෙරෙහි වෛරී ආකල්පයක් දරන බැවින් ඇමරිකානුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුස්ලිම් ජාතිකයන්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කළ යුතු බවය.

එහෙත් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ ධවල මන්දිරය නිවේදනය කරනු ලැබුවේ එම ප්‍රකාශය අමෙරිකානු ජනතාවගේ සිතුම් පැතුම්වලට මුළුමනින්ම ප්‍රතිවිරෝධී අදහසක් වන බවය. එමෙන්ම මෙවැනි මුස්ලිම් විරෝධී ප්‍රකාශ හේතුවෙන් ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම්වල අපේක්ෂාවන්වලට සුභවාදී ඔසවා තැබීමක් ලැබෙන බව පෙන්ටගනය විසින් ද අවධාරණය කරන ලදි. මේ පිළිබඳ ප්‍රකාශ වූ අදහස් අනුව මෙම ප්‍රකාශය රිපබ්ලිකන් පක්ෂයේ අදහසක් නොවන බව ද ප්‍රකාශ විය.

ට්‍රම්ප්ගේ ආන්දෝලනාත්මක ක්‍රියාකලාපය හේතුවෙන් බ්‍රිතාන්‍යය තුළ පවා ඔහු දෝෂ දර්ශනයට ලක් විය. ඒ අනුව ට්‍රම්ප්ට එරටට ඇතුළුවීමට අවසර නොදෙන ලෙස ඉල්ලා සිටින පෙත්සමකට බ්‍රිතාන්‍යයේ එක්ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් අත්සන් තබා තිබුණි. එසේම බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ කැපී පෙනෙන උග්‍ර දක්ෂිණාංශිකයෙකු වන නයිජල් ෆෙරාජ් පවසා තිබුණේ ඩොනල්ඩ් සීමාවන් ඉක්මවා ගොස් ඇති බවය.

කෙසේ වුවත් කවර විරෝධතා පැමිණිය ද ට්‍රම්ප් හිලරි ක්ලිංටන් පරාජයට පත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරණය ජය ගෙන සිය ජීවිතයේ වඩාත් තීරණාත්මක කාල පරිච්ඡේදයට අවතීර්ණ වී තිබේ. එහෙත් ජනාධිපතිවරණය ජය ගනු ලැබුව ද අමෙරිකානු ජනතාව ඔහු ජනපති වශයෙන් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් විරෝධතා පවත්වමින් සිටියි. මේ අතර හිලරි ක්ලිංටන් පවසන්නේ ට්‍රම්ප්ට අවස්ථාවක් ලබා දීම වැදගත් වන බවයි. ඒ අනුව සමස්ත ලෝකයේම අවධානය ඇමරිකාව වෙත එල්ල වී ඇති මෙම අවස්ථාව අමෙරිකානු දේශපාලනය තුළ මෙන්ම ලෝක දේශපාලනයේ ද අතිශය තීරණාත්මක අවස්ථාවක් වන බව පැවසිය හැකිය. එබැවින් ට්‍රම්ප් සැබැවින්ම අමෙරිකාව හා ලෝකය උඩුයටිකුරු කරනු ලබන චරිතයක් බවට පත් වේවිද යන්න තීරණය කිරීමට කාලයට ඉඩදී බලා සිටිය යුතුය.


MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි