විදුලි උපකරණ සඳහා අලුත් ප්‍රමිතියක්
September 13, 2016 05:25 pm
2018 අගෝස්තු මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රවුම් ෆ්ලග් සහිත විදුලි උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වීම සහ අලෙවිය තහනම් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි උපකරණ භාවිතා කිරීමේදී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බව මහජන උපයෝගිතා කොමිසම කියයි.
ඒ අනූව ඒ වෙනුවට ඇම්පියර් 13 ප්ලග් පාවිච්චි කළ යුතු බව එම කොමිසම පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අද මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී.
විදුලි උපකරණ භාවිතයේදී සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්‍රමිතියකින් යුතු විදුලි පේනු සහ කෙවෙනි හඳුන්වාදෙන බව එහිදී එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා කියා සිටියේය.
ඒ අනූව අලුතින් ගෙන්වන විදුලි උපකරණවල නව ප්‍රමිතිය සැලකිල්ලට ගන්නා බව ඒ මහතා එහිදී පැවසීය.
