
යාපනය කරෙයිනගර් හි ඉදිකෙරෙන නව ධීවර යන්ත්‍රාගාරයේ ඉදිකිරීමේ මූලික කටයුතු අද(22) ආරම්භ කර තිබේ.
ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම යන්ත්‍රාගාරය ඉදිකිරීමත් සමග නව ධීවර බෝට්ටු නිෂ්පාදනය කිරීම සහ ධීවර බෝට්ටු අලුත්වැඩියාව සිදු කිරීමට නියමිතය.
උතුරේ ධීවර ප්‍රජාවගේ ඉල්ලීමක් මත රුපියල් මිලියන 285ක වියදමින් මෙම යන්ත්‍රාගාරය ඉදිකෙරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.





















































