header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සංවර්ධනයට ප්‍රථම ජාතික සමගිය ඇති කළ යුතුයි
Jun 25, 201609:28 PM
සංවර්ධනයට ප්‍රථම ජාතික සමගිය ඇති කළ යුතුයි
Mobitel 1278


රට සංවර්ධනය කිරීමට ප්‍රථම ජාතික සමගිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බවයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ පාක්ෂික හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

කුලියාපිටිය නගර ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

අද තරුණයන්ට අවශ්‍ය වී තිබෙන්නේ හොඳ රැකියාවක නියලෙන්න, හොඳ ආදායමක් ලබාගෙන, යතුරු පැදියක්, වාහනයක් මිලදී ගෙන තමන්ගේ ජීවිතය ගොඩනගා ගෙන ඉදිරියට යමින් මධ්‍යම පන්තියට ඇතුළුවීමටයි. මේ ඔවුන්ගේ සාධාරණ බලාපොරොත්තුවයි. මේ බලාපොරොත්තුව ඉෂ්ඨ කළ යුතුයි. දෙමව්පියන් තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට සිතනවා. සෑම කෙනෙකුටම බලාපොරොත්තුවක් තිබෙනවා. එම බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට නම් රට ඉදිරියට ගෙන යා යුතුයි. එසේ රට ඉදිරියට ගෙන යන පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයයි.
පක්‍ෂය ගැනත්, රට ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙළ පිළිබඳවත් මා අදහස් දැක්වීමට කැමැතියි. රටට නිදහස ලබා ගැනීමටත්, ඉන් අනතුරුව රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත්, රට දියුණු කිරීමටත්, රට ඉදිරියට ගෙන යා යුතුයි කියා පැතූ සියලූදෙනා ගමේ මට්ටමේ හා ජාතික මට්ටමේ එකට එක්වී 1946 දී පක්‍ෂය ගොඩනැගුවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ජනතාවට ඉඩම්, වැව්, කොළඹ වරාය, රත්මලාන ගුවන් තොටුපොළ, විදුලි බලය ලබා දෙමින් රට ඉදිරියට යන වැඩ පිළිවෙළ ඩී.එස්. සේනානායක මහතාගේ යුගයේදී ආරම්භ කළා. ඉන් අනතුරුව සමාජ වාදී යුගයකට ගොස් එය අසාර්ථක වූ විට ජේ.ආර්. ජයවර්ධන මහතා, රණසිංහ ප්‍රේමදාස මහතා, ඩී.බී. විජයතුංග මහතා යන සියලූදෙනා එක්ව නැවතත් රට ඉදියට යන ගමන ආරම්භ කළා.

මහවැලි ව්‍යාපෘති, වෙළෙඳ කලාප, නිවාස ලක්‍ෂ 10, ජනසවිය ඇතුළු රටට විශාල සංවර්ධන වැඩ කොටසක් දියත් කළ පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයයි. ජේ.ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ විවෘත ආර්ථිකයෙන් රට ඉදිරියට ගියා. චීනයේ ඩෙන්ෂෝෆින් මහතාත් චීනයට විවෘත ආර්ථිකය ගෙනාවා. 1994 අවසන් වන විට ඉන්දියාවේ නරසිංහ රාවෝ මහතාත් ඉන්දියාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. ඒ රටවල් දෙක දියුණුවීමට පටන් ගත්තේ අපේ ක්‍රමවේදය අනුගමනය කරමිනුයි. නමුත් අවාසනාවට අප අභිබවා එම රටවල් ඉදිරියට ගියා. ඩී.එස්. සේනානායක මහතාගේ යුගයේදී දියුණුව තිබුණේ ලංකාවේ සහ ජපානයේ පමණයි. ජේ.ආර්. ජයවර්ධන මහතා රට භාර ගන්නා අවස්ථාවේදී අපට වඩා සිංගප්පූරුව හා කොරියාව ඉදිරියට ගොස් තිබුණා. අප ඉදිරියට යන ගමන නැවතුණේ මහින්ද රාජපක්‍ෂ රෙජිමයෙනුයි. මහින්ද රාජපක්‍ෂ රෙජිමයේ ඉදිරියට ගියේ එම පවුලේ අය පමණයි.

යුද්ධය අවසන් වුව ද රට දියුණු වුණේ නැහැ. ජීවන බර වැඩි වුණා. අධ්‍යාපනය කප්පාදු කළා. වෙළෙඳ කලාප වෙනුවට එතනෝල් සහ කුඩු කලාප රට තුළ ඇති වුණා. වරායවල් ඉදි කළා නැව් එන්නේ නැහැ. ගුවන් තොටුපොළවල් ඉදි කළා ගුවන් යානා එන්නේ නැහැ. විදුලි බලාගාර හැඳුවා විදුලි බලය නැහැ. ජනතාවට කිසිදු සෙතක් සිදු වූයේ නැහැ. තව තවත් රට ආපස්සට ගියා. අපට වඩා ඉදිරියේ මැලේසියාව, තායිවානය, වියට්නාමය, මාලදිවයින යන රටවල් සිටිනවා. මේ හේතුවෙන් බෙදී වෙන්වී තිබුණු රට එක් සේසත් කර ඉදිරියට යා යුතුයි කියා එක්සත් ජාතික පක්‍ෂය පමණක් නොව ඉදිරියට යා යුතුයි කියා සිතන සෑමදෙනා එක්වී මුලින්ම රටේ ස්ථාවර භාවයක් ඇති කිරීමට එක් වුණා. රට ඉදිරියට ගෙන යා යුතුයි කියා සිතූ සෑම ප්‍රගතිශීලි බලවේග එක්වී පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළා. ඉන් අනතුරුව පැවැති මහමැතිවරණයේදී 2/3 ක බලයක් ලැබුණොත් ජාතික ආණ්ඩුවක් පිහිටු වන බව මා එදා ප්‍රකාශ කළා. දැන් අපි ජාතික ආණ්ඩුවක් ඇති කර තිබෙනවා. මුළු රටම එක්වී ඉදිරියට යන ගමන ආරම්භ කර තිබෙනවා.

ඉදිරියට යනවා නම් හිස් බඩින් යන්නට බැහැ. එම නිසා මුලින්ම ජනතාවට සහන ලබාදීමට අප තීරණය කළා. ඒ අනුව රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා. විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කළා. වැවිලි ක්ෂේත්‍රයේ නියුතු ජනතාවගේ වැටුප ද වැඩි කළා. ගෑස් රුපියල් 300 කින්, කිරිපිටි රුපියල් 61 කින්, පාන් පිටි රුපියල් 12.50 කින්, සීනි රුපියල් 10 කින්, මුං ඇට රුපියල් 40 කින්, හාල් මැස්සන් රුපියල් 15 කින්, සස්ටජන් රුපියල් 100 කින්, ටින් මාළු රුපියල් 60 කින්, උම්බලකඩ රුපියල් 200 කින්, මිරිස් රුපියල් 25 කින්, පෙට්‍රල් මිල රුපියල් 33 කින්, ඩීසල් රුපියල් 16 කින් සහ භූමි තෙල් රුපියල් 16 කින් අඩු කළා.

අද අපේ රජය ජනතාවට සහන ලබා දෙමින් රට සංවර්ධනය කිරීමේ විශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටිනවා. රට දියුණු කර රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීම අපේ අරමුණයි. කඩාවැටී තිබෙන ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවිය යුතුයි. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ සියලූ දේ කිරීමට පෙර ජාතික සමගිය ඇති කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා අලූත් ව්‍යවස්ථාවක් ඇති කිරීමට සියලූ දෙනා එකට එක්වී ක්‍රියාකරමින් සිටිනවා.

ඉදිරියට යන ගමන සඳහා මුලින්ම මුළු බස්නාහිර පළාතම මහා නගරයක් කිරීමට සැලසුම් කර තිබෙනවා. කර්මාන්ත, තොරතුරු තාක්‍ෂණ, වෙළෙඳ කලාප එක්ව මේ නගරය ඉදිරියට යන විට වයඹ පළාතටත් එහි වාසිය ලැබෙනවා. එපමණක් නොව දකුණු ප්‍රදේශය දියුණු කිරීමේ වැඩ පිළිවෙළ ද ආරම්භ කර තිබෙනවා. මැතිවරණ සමයේ හම්බන්තොට වරාය නැව්වලින් පුරවන බව අපි ප්‍රකාශ කළා. ඒ සඳහා වූ වැඩ පිළිවෙළ ආරම්භ කර තිබෙනවා. අද මත්තලට පැමිණෙන්නේ එක් ගුවන් යානයක් පමණයි. වැඩි කල් නොගොස් ගුවන් යානා ගණනාවක් එම ගුවන් තොටුපොළට පැමිණෙන මාර්ගය උදා කරනවා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නැවත ආරම්භ කරනවා. මොණරාගල ප්‍රදේශයට, හම්බන්තොට ප්‍රදේශයට විශාල කර්මාන්ත ශාලා ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා. රට වටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරනවා. මහනුවර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව ප්‍රදේශ ඇතුළු සෑම ප්‍රදේශයක්ම දියුණු කිරීමේ සැලසුම් සකස් කරමින් සිටිනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගම් මට්ටමේ පමණක් නොව නගරයේත් නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. නගරවල තට්ටු නිවාස ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

රාජපක්‍ෂ රෙජිමය තමන්ගේ පවුලේ උදවිය සඳහා මාලිගා හැඳුවා. අපේ අරමුණ සෑම කෙනෙකුටම මාලිගා තැනීමයි. අප තට්ටු නිවාස හදන්නේ මධ්‍යම පන්තියක් ඇති කිරීමටයි. රට ඉදිරියට ගෙන යන්නේ වැඩ සටහන් අනුවයි. වයඹප්‍රදේශය දියුණු කිරීමේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ද මා පැවසීමට කැමැතියි. වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව කුලියාපිටියේ ඇති කරන බව එදා මා ප්‍රකාශ කළා. සැප්තැම්බර් මාසය වන විට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමට කැමැතියි. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව කඩා ඇති බව සමහරුන් පැවැසුවා. නමුත් අද කඩා වැටී තිබෙන්නේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව නොව ඒ බව පැවසූ අයගේ දේශපාලනයයි. තවත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශවලට ගේන්න තිබෙනවා. පොල් කර්මාන්තය, සංස්කෘතික හා සංචාරක ව්‍යාපාරය ද මෙම ප්‍රදේශයේ ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙළක් දියත් කරනවා.

මධ්‍යම අධිවේගී මාර්ගය කුරුණෑගල හරහා ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ලංකාවේ විශාලතම අධිවේගී මාර්ගය බවට මෙය පරිවර්තනය වනවා. මේ හේතුවෙන් ප්‍රදේශ රාශියක් දියුණුවීමට ඉඩ තිබෙනවා. හලාවත ඉරනවිල ඇමරිකන් ගුවන් විදුලි සේවය නැවත ලබා දෙන්නේ විශාල සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටයි. අපට අවශ්‍ය වන්නේ මුදල් තිබෙන සංචාරකයන් ගෙන්වා ගැනීමයි. කටුනායක හරහා කෘෂි කර්මාන්ත නිෂ්පාදනය හා ධීවර නිෂ්පාදනය අපනයනය කිරීම සඳහා ද වැඩ පිළිවෙළ දියත් කළ යුතුයි. කෘෂි කර්මාන්තය නඟා සිටුවා, රැකියා පුහුණුව ලබා දෙමින් මුළු රටේම සංවර්ධන වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට සැලසුම් යොදා තිබෙනවා.

පන්නල, නාරංවල, මිහිරිගම ඇතුළු අනිකුත් ප්‍රදේශවල විශාල නගර ඇති කර ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ දැමීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි. අප රට ඉදිරියට ගෙන යන්නේ සැලසුම් අනුවයි. බස්නාහිර පළාතෙන් පටන් ගන්නා සංවර්ධන වැඩ පිළිවෙළ මුළු රටටම ගලා යනවා. තමන්ගේ ප්‍රදේශය දියුණුවන විට තමන්ගේ ආදායම් මාර්ගය ද ඉහළ යනවා. කුලියාපිටිය ප්‍රදේශයට වෛද්‍ය පීඨයක් ලබාදීම පිළිබඳව ද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ගමේත් නගරයේත් දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කළ යුතුයි. කුරුණෑගල දිස්ත්‍රික්කයට පමණක් කාර්මික විද්‍යාල හතරක් අවශ්‍ය වී තිබෙනවා.

ගහ මරා ගන්නේ නැතුව සියලූ දෙනා එක්වී රට ඉදිරියට ගෙන යෑම සඳහා අප ජාතික ආණ්ඩුවක් ඇති කර තිබෙනවා. මෙය රට වෙනුවෙන් ඉටු කළ කාර්ය භාරයක්. රට ඉදිරියට ගෙන යාම සඳහා මුදල් සොයා ගැනීමේ මාර්ගය ද සොයා ගත යුතුයි. 2014 වසරේ දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කළේ 1.9% පමණයි. නමුත් රාජපක්‍ෂ රෙජිමය යාපනය ප්‍රදේශයේ තමන්ට මාලිගා තැනීමට මීට වඩා මුදල් වියදම් කළා. 2015 වසරේදී අධ්‍යාපනය සඳහා අප 2.3% ක් වෙන් කළා. 2016 වසරේදී අධ්‍යාපනය සඳහා 2.8% ක් වෙන් කළා. දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බව අප පොරොන්දු වී තිබෙනවා. නමුත් අද මුළු රටේම රජයට එකතු කරන ආදායම 10% යි. අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන 3.2 ක වියදම සොයා ගැනීමට නම් ආදායම් මාර්ග වැඩි කළ යුතුයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු නොපනවා රජයේ ආදායම ඉහළ දැමීමට ධන බද්දක් ඇති කළා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වැට් බද්දක් පැන වීමට තීරණය කළා. එනම් 11% ක් ව තිබූ එම බද්ද 15% ක් දක්වා වැඩි කිරීමයි. මෙම බදු අය කරන්නේ රට ඉදිරියට ගෙන යාමටයි. මෙය අනාගතයට කරන ආයෝජනයක්. මෙය තමන්ගේ දරුවන්ට හා රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයයි. මෙය හංගා සිදු කිරීමට අවශ්‍ය නැහැ. සියලූ දේ විවෘත භාවයෙන් ඉටු කළ යුතුයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පටවා ජනතාවගේ ජීවන බර වැඩි කිරීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ.

එම නිසා විවෘතව අප රටට ප්‍රකාශ කර සිටින්නේ රට ඉදිරියට ගෙන යාමට නම් රට ඉදිරියට ගෙන යන පක්‍ෂය සමග එක් වන්න කියායි. මහලේකම්වරයා, ජ්‍යෙෂ්ඨයා මම දැයි, ජයවික්‍රම පෙරේරා මහතා දැයි කියා ප්‍රශ්නයක් ඇසුවා. ජ්‍යෙෂ්ඨයන් කවුදැයි යන්න ප්‍රශ්නය නොවෙයි මෙතැන තිබෙන්නේ. ජ්‍යෙෂ්ඨයිනුත් අවශ්‍යයි. අලූත් අයට පක්‍ෂයට එන්න කියන්න. ඒ අයට මේ පක්‍ෂය භාර දිය යුතුයි. පක්‍ෂය රැක ගෙන රට ඉදිරියට ගෙන යන්න නායකයින් අවශ්‍යයි. එක්සත් ජාතික පක්‍ෂය යනු පවුල් පක්‍ෂයක් නොවේ. දක්‍ෂ කමින් ඉදිරියට යා හැකි පක්‍ෂයක්. 1995 සාමාජිකයන් බදවා ගැනීමට මම මෙම ප්‍රදේශයට පැමිණියා. කුලියාපිටිය මධ්‍ය මහ විද්‍යාලයෙන් පැමිණි එක් තරුණයෙක් සභාපති වුණා. අද එම තරුණයා රටේ අධ්‍යාපන අමාත්‍යවරයා බව ඔබ දන්නවා. තරුණයන් සඳහා මාර්ග විවර කර දෙන පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයයි. තමන්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න පුළුවන් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයයි.

ඔබට අනාගතයක් අවශ්‍ය නම්, අනාගතය සඳහා කොටස්කාරයෙකු වීමට නම් රුපියල් 20 ක් ලබා දී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා මෙන් ඔබෙන් මා ඉල්ලා සිටිනවා. ඔබට දැන් ඊ සාමාජිකත්වය ද ලබා ගත හැකියි. රට හදන, අනාගතයක් ඇති කරන පක්‍ෂය සමග එක් වන්නැයි මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.




MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

ආමර් වීදිය යටකළ මහ වැස්ස... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

අනුරපුරටත් මහ වැසි රාජාංගනයත් වාන් දමයි... | Ada Derana

 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

“රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි