
ඊජිප්තුව ගුවන් සේවයට අයත් එම්.එස් 804 දරණ මගී ගුවන් යානය මධ්‍යධරණී මුහුදට කඩා වැටී තිබේ.
ඊජිප්තුව ගුවන් සේවයට අයත් එම්.එස් 804 දරණ මගී ගුවන් යානය අතුරුදන්වී තිබුණි.
ප්‍රංශයේ පැරිස් නුවර සිට ඊජිප්තුවේ කයිරෝ නුවර බලා පියාසර කරමින් තිබියදී අදාළ යානය මෙලෙස අතුරුදන්ව ඇති බව ඊජිප්තු ගුවන් සේවය සඳහන් කළේය.
යානය අඩි 37,000ක් ඉහලින් ඊජිප්තු ගුවන් සීමාවේ පියාසර කරමින් තිබීයදී රේඩාර් තිරයෙන් අතුරුදන් වී ඇති බව සඳහන්ය.
එහි කාර්යය මණ්ඩලය 10 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 69 දෙනෙකු සිටි බව ඊජිප්තු ගුවන් සේවය පවසයි.
එම ගුවන් යානය මධ්‍යධරණී මුහුදට කඩා වැටී ඇති බව මේ වන විට තහවුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

















































