
පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය ආසන්නයේ පිහිටි රක්ෂිතයක කැණීම් කළ හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල් තලාවක් පුපුරුවාහරිමින් නිධන් සෙවීම සඳහා කැණිම් කරමින් සිටියදී පූජාභූමි ආරක්ෂකයින් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොළොන්නරුව පොලීසිය වෙත භාරදී ඇති බව සඳහන්ය.
එම අවස්ථාවේ කැණීම් සඳහා සහය වූ තවත් පුද්ගලයෙකු පළාගොස් ඇති බව පොළොන්නරුව පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොළොන්නරුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































