
ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද සවස අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඒ මහතා 79 වැනි වියේ පසුවුණි.
බයිලා ගායක ශිල්පියෙක් ලෙස ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
1950 දශකයේදී සිංගීත දිවියට පිවිසි ඇන්ටන් ජෝන්ස් මහතා මෙරට සිදුවූ විශේෂ සිද්ධීන් රැසක් අලලා නිර්මාණය කළ ගීත ගායනය කළ අතර ඔහු ගැයූ ප්‍රේමවතී මනම්පේරි, අදින්න මිනිගවුම, ආසයි බයයි බෝට්ටුවෙ නමයි, පොඩි විජේ, සේපාල ඒකනායක, කන්දෙ හැපුනා මහවනන්තරේ වැනි ගීත අතිශය ජනප්‍රිය විය.
ඔහුගේ දේහය කවුඩාන, දෙහිවල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර ලබන බදාදා ජාතික කලා භවනේ ද තැන්පත් කිරීමට නියමිත බව සඳහන්ය.

















































