
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ රථ වාහනවලින් ඊයේ දිනය තුළ වාර්තාගත ආදායමක් ලබා ඇති බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශ ලේකම් ඩී.සී දිසානායක මහතා පැවසුවේ ඊයේ දිනය තුළ රුපියල් මිලියන 16 ක පමණ ආදායමක් උපයා ඇති බවයි.
සති අන්ත නිවාඩුවත් සමග යෙදුණු පොහොය හා නත්තල් දිනය නිමිත්තෙන් බොහෝ පිරිස් විනෝද චාරිකාවල නිරතවීම නිසා දිවයිනේ බොහෝමයක් ප්‍රධාන මාර්ගවල ඊයේ සහ පෙරේදා දැඩි රථවාහන තදබදයක් වාර්තා විය.
ඒ අතර ඊයේ දිනයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිටවීමේ පර්යන්තය ආශ්‍රිතව කිලෝමීටර් දෙක තුනක් දුරට දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබිණ.




















































