
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පලකරමින් මන්ත්‍රීවරුන් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක වේ.
මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් ඊයේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කරන ලදී.
එම මන්ත්‍රීවරුන් ඊයේ පෙරවරුවේ සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිට මෙම විරෝධතාවයේ නිරත වී සිටින බව වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසමෙන් සිදුකර ඇති කැඳවීම අවලංගු කරනතුරු මෙම විරෝධතාවයේ නිරත වන බව එම මන්ත්‍රීවරු පවසති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා ඊයේ පස්වරුවේ විමසීමක් ද කර තිබේ.
ඒ අනුව අද දිනයේ ඒ පිළිබඳව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
අල්ලස් කොමිසමේ ක්‍රියාකලාපයට විරෝධය පල කරමින් අත්සන් කරනු ලබන ලිපියට මේ වන විට මන්ත්‍රීවරුන් 114 දෙනෙකුට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
අදාළ මන්ත්‍රීවරුන් අතර වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පිරිසක් ද සිටින බව අලහප්පෙරු මහතා කියා සිටියේය.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පල කරමින් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අද පෙරවරු 9.00ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන බව වාර්තා වේ.


















































