
තිරුක්කෝවිල් පොලිස්ථානයේදී බීමත්ව කලහකාරි අන්දමින් හැසිරුණු වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රීයේ අදාළ වෛද්‍යවරයා පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි අවස්ථාවේ මෙලෙස කලහකාරි අන්දමින් හැසිරි ඇති බව පොලිසිය පැවසුවේය.
එහිදී ඔහු පොලිස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී ඔහුගේ රාජකාරි ගිනිඅවිය උදුරා ගැනීමට තැත්කර ඇත.
ඒ අනූව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අක්කරෙයිපත්තුව රෝහලට අනුයුක්තව සේවය කරන අයෙකි.





















































