
කොළඹ ලන්දේසි රෝහල ආසන්නයේ ඇති රජයට අයත් ඉඩමක් පෞද්ගලික සමාගමකට අයත් බව පවසමින් එම සමාගම අදාළ ඉඩම වටකොට වැටක් ඉදිකිරීමට සුදානම් වන අවස්ථාවේදී එය ව්‍යර්ථ කර තිබේ.
කෙසේ වෙතත් අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ මේ වන විට අදාළ සමාගම විසින් ඉඩම වටකර වැට ගැසීමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවය විසින් කැඳවා මේ වන විට කරුණු විභාග කරමින් පවතින බවයි.




















































