header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවට ලකුණු 32ක සුපිරි ජයක්
Aug 04, 202409:58 PM
ශ්‍රී ලංකාවට ලකුණු 32ක සුපිරි ජයක්
Mobitel 1278

ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (04) රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.

ඉන්දියාව මෙම පරාජය ලැබුවේ ඔවුන් පළමු කඩුල්ලට පන්දුවාර 13.3කදී ලකුණු 97ක ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගෙන සිටියදී වීමත් විශේෂත්වයකි.

ඉන්දීය ඉනිම ආරම්භ කළ නායක රෝහිත් ශර්මා ප්‍රහාරාත්මක ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය. පන්දු 44කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් හා හතරේ පහර 05ක් ඇතුළත් විය.

ඊට අමතරව අක්සාර් පටෙල් ලකුණු 44ක්ද, ශුබ්මන් ගිල් ලකුණු 35ක් රැස්කළද එය ඉන්දීය ජයට ප්‍රමාණවත් නොවුණි.

ඉන්දීය ඉනිම මෙල්ල කිරීමේ සම්පූර්ණ බර කරට ගත් ජෙෆ්රි වැන්ඩර්සේ පළමු කඩුලු 06ම දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ආවේය.

ලකුණු 33කට කඩුලු 06ක් දවාගනිමින් වැන්ඩර්සේ යැවූ මෙම සුපිරි පන්දු යැවීම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව දඟ පන්දු යවන්නෙකු දැක්වූ තෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා අතරටද එක්විය.

ඉන්දියාවට එරෙහිව හොඳම පන්දු යැවීම සනිටුහන් කර ඇති දඟ පන්දු යවන්නා වන්නේද ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (7/30) වීමත් විශේෂත්වයකි.

වැන්ඩර්සේට අමතරව නායක චරිත් අසලංකද ශ්‍රී ලංකාවට අවැසිවම තිබූ කඩුලු 03ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 240ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 35කින් ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.

ඊට අමතරව කමිඳු මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40 බැගින් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස්කළේය.

ඉන්දියාව වෙනුවෙන් වොෂින්ටන් සුන්දර් ලකුණු 30කට කඩුලු 03ක් හා කුල්දීප් යාදව් ලකුණු 33කට කඩුලු 02ක් දවාගනිමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

දෙරට අතර පළමු තරගය ලකුණු සමව අවසන් විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

 කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

 කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

 අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු