
අම්බලන්ගොඩ, විහාරගොඩ පතිරාජ පටුමගේ කුරුඳු ඉඩමක සැක කටයුතු ලෙස ගිනිතබා විනාශ කර තිබූ යතුරුපැදියක් අම්බලන්ගොඩ පොලීසිය විසින් සොයාගෙන තිබේ.
විහාරගොඩ, කැලේ ආවාසේ විහාරයේ තාප්පයට යාබද කුරුඳු ඉඩමක තිබි මෙම යතුරුපැදිය සොයාගෙන ඇත.
අම්බලන්ගොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම යතුරුපැදිය සොයාගෙන තිබේ.
එහි චැසි අංකය ද මකා දමා ඇති බව පොලිසිය පැවසීය.
එම ප්‍රදේශයේ පසුගිය කාලයේදී සිදුවූ අපරාධයකට මෙම යතුරුපැදිය යොදාගත්තේ දැයි අම්බලන්ගොඩ පොලීසිය සැක පළකරයි.




















































