බංග්ලාදේශයේ අරගලයක් පැතිරෙයි
August 4, 2024 07:03 pm
බංග්ලාදේශය තුළ පැතිරයන කලහකාරී සිදුවීම් හේතුවෙන් අද (04) පුද්ගලයින් 27 දෙනෙක් මියගොස් ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
අගමැතිනි ෂෙයික් හසීනා ට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙන අතර එහිදී ඇතිවූ ගැටුම්වලදී එම මරණ වාර්තා විය.
විරෝධතාකරුවන් පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ස්ටන් අත්බෝම්බ භාවිත කර තිබුණි.
තත්ත්වය පාලනය කිරීම සඳහා සවස 6 සිට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කර තිබේ.
