header logo
SLIC
උණුසුම් පුවත්
විදුලිබිල වැඩිවෙන්නේ මෙහෙමයි
Aug 09, 202212:36 PM
විදුලිබිල වැඩිවෙන්නේ මෙහෙමයි
EDEX

හෙට සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා රුපියල් 198ක මුදලක් අමතරව මෙම වැඩිකිරීම හරහා විදුලිබිලට එකතුවේ.

එසේම ඒකක 60ක් දක්වා භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා සියයට 200ක පමණ වැඩිවීමක් සිදුවන බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රමාණය රුපියල් 600ට වඩා අඩු අගයක් ගන්නා බවය.

ඒකක 90ට වැඩි අයට සියයට 276ක වැඩිවීමක් විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා තිබුණද අවසර ලබා දී ඇත්තේ සියයට 125ක පමණ සුළු ප්‍රමාණයක් බවද මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම 31 ත් 60ත් අතර සාමාන්‍ය විදුලි බිලේ ඉහළයාම රුපියල් 599ක් පමණ වනු ඇති අතර ඒකක 61ත් 90ත් අතර සාමාන්‍ය විදුලි බිල රුපියල් 1461ක් පමණ වනලෙසද, 90ත් 120ත් අතර රුපියල් 2900ක් පමණ ප්‍රමාණයකින්ද විදුලි බිල ඉහළ යනු ඇති.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4blTMXfLjx-vEzxuG8kwG3kYWmraY3paG6r3Oi-ogS-MGjN968Xd4ZJXZsHS1kNM68OakYgL43MWGiG8tv4Ofby07MG9mjDg5XpN7p04mgCakHLVU_frD5aQi8LOIB7Z1yuD_o6Re4kBtBQk6A3Ht0da91Mrpmbs1AQzP34dEFW01nYyAvAeGQODqDA/s1600/Electricity-tarrif.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9NoQRvdvcLVa4yn6v-FPbleBOWLTyWQSSCVejDvW3Px40zQJ_ZUPmaZPaOtjS9MSQeyEUNkpA0iguA2u5Wa0zS1VdfwxFz8gWkBISl1wZkgB35tdlEj5cksDH5qIiVMaarusWghHgwGWXVPxdh8vgkZKZF0Qt2x_Uz0im_51DxcBbmLEAeClcgjDWug/s1600/E-01.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgfUCpnH85nu_324Zi6BKq-3X2cBzj0fnwcwsQkI15HjtqH8Udy-j7TeQczTCpNUgTEGBpQuxBblP5pvQXuWz2Js2_Ge-8urDT7eOQgMQNvWQJRjwEVtEJ13RgmRIUPWCZMlxK9KUaVZI3wnzE29_7e9OfhL9tAKhJpSrBkG8L2ehM6uLOQA7IiKtZZg/s1600/E-02.jpg

https://youtu.be/iZSCTaNbvxw
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight