
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවා ද? නැද්ද? යන තීරණය හෙට (19) දින ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අදාළ පෙත්සම පිළිබඳව මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.





















