
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට සහ ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව යොමුකර ඇති බව වාර්තා වේ.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යධුරයේ දිවුරුම් දී මසකටත් අඩු කාලයකින් ධම්මික පෙරේරා මහතා මෙලෙස ඉල්ලා අස්වී තිබේ.
බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත්කළ ධම්මික පෙරේරා මහතා පසුගිය මස 24වනදා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
මේ වන විට බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අයද සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

















































