
රුසියාවෙන් රත්‍රං ආනයනය තහනම් කිරීමට ලොව රටවල් කිහිපයක් තීරණය කර තිබේ.
යුක්‍රේනය තුළ යුද මෙහෙයුම් සිදුකිරීමට රුසියාව දරණ වියදම් කපාහැරීමේ අරමුණින් මෙය සිදුකර ඇති බව වාර්තා වේ.
එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව සහ ජපානය එම රටවල් අතරට අයත් වේ.
"පුටින්ගේ යුද යාන්ත්‍රණයේ හදවතටම එල්ල කළ ප්‍රහාරයක්" ලෙසින් එක්සත් රාජධානිය මෙම පියවර හඳුන්වා දෙයි.
2021 වර්ෂය තුළදී රුසියාව අමෙරිකානු ඩොලර් බිලියන 15.4ක වටිනාකමකින් යුත් රත්‍රං අපනයනය කර තිබේ.
ඉහත රටවල් 4ම G7 රටවල් අතරට අයත්වන අතර ජර්මනියේදී G7 සමුළුව ආරම්භ වීමට පෙර මෙම පියවර ගැනීමත් විශේෂත්වයකි.
අමෙරිකාව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් මේ වන විට රුසියානු ජාතිකයන් හා ආයතන දහසකට වැඩි ප්‍රමාණයකට එරෙහිව සම්බාධක පනවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙති.
නවතම පියවර තුළින් එක්සත් රාජධානිය, රුසියාවෙන් සිදුකරන පවුම් බිලියන 13.5ක ආනයන කප්පාදු කෙරන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.





















































