
අද (28) දිනය තුළ ද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.
මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලය ද සාමාන්‍ය පරිදි බස්රථ ධාවනය සිදුකරන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ද අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවය.
කෙසේවෙතත් පෞද්ගලික බස් බස් ධාවන කටයුතු තවදුරටත් සීමා වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ද අද දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.

















































