header logo
Vallibel FD
උණුසුම් පුවත්
භාණ්ඩ රැසක ආනයනික බදු ඉහළට
Jun 01, 202206:56 PM
භාණ්ඩ රැසක ආනයනික බදු ඉහළට
Mobitel 1278

HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.

එම භාණ්ඩ සඳහා අයකෙරෙන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ළෙස ඉහළ දමමින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව යෝගට්, චීස්, මිදි, ඇපල් ඇතුළු ආනයනික ආහාර වර්ග රැසකම බදු ඉහළ නැංවෙයි.

2022 මාර්තු 09 වනදා HS කේත 369ක් යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ආනයන බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කරමින් ආනයන සහ අපනයන පාලන රෙගුලාසි පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

ඒ පවතින විදේශ විනිමය හිඟය හමුවේ එම භාණ්ඩ මෙරටට ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙසටය.

එසේවුවද විවිධ අවිධිමත් ක්‍රමවේද හරහා එම භාණ්ඩද දිගින් දිගටම ආනයනය වන බව පෙනී යාම නිසා ඒ සම්බන්ධයෙන් වෙනත් රෙගුලාසි නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය අද පියවර ගනු ලැබීය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ආනයන බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කර තිබූ HS කේත 369 යටතේ ආනයනය කරන භාණ්ඩ අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන බලපත්‍රයකින් තොරව ආනයනය කිරීමට අවසර ලබාදෙන බවය.

නමුත් එම භාණ්ඩ සඳහා අයකරන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබුණි.

ඒ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2වන වගන්තිය ප්‍රකාරව සහ ආදායම් සංරක්ෂණ පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව මෙන්ම රේගු ආඥා පනතේ 10වන වගන්තියට අදාළව මුදල් අමාත්‍යවරයාට පැවරී ඇති බලතලවලට අනුවය.

ඒ අනුව යෝගට් ආනයනයේදී කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 1000ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයට රුපියල් 2000 දක්වා ඉහළ දමා තිබේ.

සියලුම වර්ගවල චීස් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 400ක විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ඉහළ යනු ඇති.

දොඩම් ආනයනයේදී කිලෝග්‍රෑමයට රුපියල් 200ක්ව තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600ක් දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ.

මිදි සහ ඇපල් ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 300සිට රුපියල් 600 දක්වාය.

තිරිඟු පිටි ආනයනයේදී රේගු බදු මත පනවන අධිභාර ප්‍රතිශතය ලෙස සියයට 75ක අධිභාරයක් පනවා තිබේ.

චොකලට් සහ කොකෝවා ආනයනයේදී සියයට 50ක අධිභාර ප්‍රතිශතයක් අයකරගන්නා බව ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත.

බියර්,වයින්,විස්කි, වොඩ්කා ඇතුළු විදේශීය මත්පැන් සඳහා රේගු බදු මත පනවන අධිභාරය 100%ක් වෙයි.

විදේශීය දුම්වැටි සඳහාද 100%ක අධිභාරයක් අයකරගන්නා අතර විදේශීය සුවඳ විලවුන් සඳහා සියයට 75ක අධිභාරයක් අයකරගනු ඇති.

විදේශීය ෂැම්පු වර්ග සඳහා සියයට 75% ක අධිභාරයක් පැනවෙයි.

මොටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් ආනයනය කිරීමේදීද රේගු බද්ද මත 50%ක අධිභාරයක් පනවා තිබේ.

විදේශීය පාවහන් සඳහා රේගු බද්ද මත පනවා ඇති අධිභාර ප්‍රතිශතය සියයට 75කි.

ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි උදුන් ආනයනයේදී 100% ක් අධිභාරයක් පනවා තිබේ.

වායුසමීකරණ යන්ත්‍ර ආනයනයේදී රේගු බද්ද මත 100%ක අධිභාරයක් අයකරගනු ඇති.

සංගීත භාණ්ඩ ආනයනය කිරීමේදීද 100%ක අධිභාරයක් පනවා තිබේ.

මෙම සම්පූර්ණ ආනයනික භාණ්ඩ ලැයිස්තුව පහතින්.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත by poornima on Scribd

ආදායම් සංරක්ෂණ පනත by poornima on Scribd

රේගු නිවේදනය by poornima on Scribd

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට