header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
භාණ්ඩ රැසක ආනයනික බදු ඉහළට
Jun 01, 202206:56 PM
භාණ්ඩ රැසක ආනයනික බදු ඉහළට
Mobitel 1278

HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.

එම භාණ්ඩ සඳහා අයකෙරෙන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ළෙස ඉහළ දමමින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව යෝගට්, චීස්, මිදි, ඇපල් ඇතුළු ආනයනික ආහාර වර්ග රැසකම බදු ඉහළ නැංවෙයි.

2022 මාර්තු 09 වනදා HS කේත 369ක් යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ආනයන බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කරමින් ආනයන සහ අපනයන පාලන රෙගුලාසි පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

ඒ පවතින විදේශ විනිමය හිඟය හමුවේ එම භාණ්ඩ මෙරටට ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙසටය.

එසේවුවද විවිධ අවිධිමත් ක්‍රමවේද හරහා එම භාණ්ඩද දිගින් දිගටම ආනයනය වන බව පෙනී යාම නිසා ඒ සම්බන්ධයෙන් වෙනත් රෙගුලාසි නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය අද පියවර ගනු ලැබීය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ආනයන බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කර තිබූ HS කේත 369 යටතේ ආනයනය කරන භාණ්ඩ අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන බලපත්‍රයකින් තොරව ආනයනය කිරීමට අවසර ලබාදෙන බවය.

නමුත් එම භාණ්ඩ සඳහා අයකරන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබුණි.

ඒ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2වන වගන්තිය ප්‍රකාරව සහ ආදායම් සංරක්ෂණ පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව මෙන්ම රේගු ආඥා පනතේ 10වන වගන්තියට අදාළව මුදල් අමාත්‍යවරයාට පැවරී ඇති බලතලවලට අනුවය.

ඒ අනුව යෝගට් ආනයනයේදී කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 1000ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයට රුපියල් 2000 දක්වා ඉහළ දමා තිබේ.

සියලුම වර්ගවල චීස් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 400ක විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 600 දක්වා ඉහළ යනු ඇති.

දොඩම් ආනයනයේදී කිලෝග්‍රෑමයට රුපියල් 200ක්ව තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600ක් දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ.

මිදි සහ ඇපල් ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 300සිට රුපියල් 600 දක්වාය.

තිරිඟු පිටි ආනයනයේදී රේගු බදු මත පනවන අධිභාර ප්‍රතිශතය ලෙස සියයට 75ක අධිභාරයක් පනවා තිබේ.

චොකලට් සහ කොකෝවා ආනයනයේදී සියයට 50ක අධිභාර ප්‍රතිශතයක් අයකරගන්නා බව ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත.

බියර්,වයින්,විස්කි, වොඩ්කා ඇතුළු විදේශීය මත්පැන් සඳහා රේගු බදු මත පනවන අධිභාරය 100%ක් වෙයි.

විදේශීය දුම්වැටි සඳහාද 100%ක අධිභාරයක් අයකරගන්නා අතර විදේශීය සුවඳ විලවුන් සඳහා සියයට 75ක අධිභාරයක් අයකරගනු ඇති.

විදේශීය ෂැම්පු වර්ග සඳහා සියයට 75% ක අධිභාරයක් පැනවෙයි.

මොටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් ආනයනය කිරීමේදීද රේගු බද්ද මත 50%ක අධිභාරයක් පනවා තිබේ.

විදේශීය පාවහන් සඳහා රේගු බද්ද මත පනවා ඇති අධිභාර ප්‍රතිශතය සියයට 75කි.

ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, විදුලි උදුන් ආනයනයේදී 100% ක් අධිභාරයක් පනවා තිබේ.

වායුසමීකරණ යන්ත්‍ර ආනයනයේදී රේගු බද්ද මත 100%ක අධිභාරයක් අයකරගනු ඇති.

සංගීත භාණ්ඩ ආනයනය කිරීමේදීද 100%ක අධිභාරයක් පනවා තිබේ.

මෙම සම්පූර්ණ ආනයනික භාණ්ඩ ලැයිස්තුව පහතින්.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත by poornima on Scribd

ආදායම් සංරක්ෂණ පනත by poornima on Scribd

රේගු නිවේදනය by poornima on Scribd

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

“රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

 තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

Lassana Flora
Spotlight
ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana