
මාස 03කට පමණ පසු ලෝක වෙළෙඳපළේ ඉන්ධන මිලෙහි ඉහළම අගයක් වාර්තා වී තිබේ.
ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 115.1ක් සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 119.4කට අද (29) දිනයේ අලෙවි වී ඇත.
එය මේ මාසයේදී වාර්තා වූ වැඩිම බොරතෙල් මිල වන අතර පසුගිය මාර්තු 07 වන දිනෙන් පසුව වාර්තා වූ ඉහළම අගය ද වේ.
නව සැපයුම් විකල්ප සීමිත වීම ඉල්ලුම ඉහළ යාම සහ සාම්ප්‍රදායික සැපයුම් සඳහා අවදානම ඉහළ යාම යන හේතු තෙල් මිල ඉහළයාමට බලපා ඇති බව වාර්තා විය.
කෙසේවුවද ලෝක වෙළෙඳපළේ ගෑස් මිල සුළු වශයෙන් පහත බැස තිබේ.



















































