
අද (28) පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට වයස අවුරුදු 74ක පුද්ගලයෙක් පෙනී සිට තිබුණි.
නෙළුව කලුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි ඔහු නමින්, ගලන් ගොඩගේ චන්ද්‍රදාස ය.
සාමාන්‍ය පෙළ විභාග සමත්වීමට ඇති දැඩි ආශාව හේතුවෙන් තමන් අසමත්වූ විෂයයන් දෙකකට ඔහු එලෙස පෙනී සිට තිබේ.
ඒ විද්‍යාව සහ ගණිතය යන විෂයන් සඳහාය.
ඔහු සඳහන් කළේ ඉගෙන ගන්නා කිසිම දෙයක් අපතේ නොයන බවය.

















































