
බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ අතුරුදන්වී සිටි දැරියගේ සිරුර සොයාගෙන ඇත.
නිවස ආසන්නයේ වගුරු බිමක තිබී දැරියගේ සිරුර සොයාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් විසිනි.
දැරියගේ නිවසත් ඇය අවසන් වරට ගිය වෙළෙඳසැළත් අතර ප්‍රදේශයේ මෙම වගුරු බිම පිහිටා තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ සිරුර සොයාගත් අවස්ථාවේදී එය මඩවලින් වසා දමා තිබූ බවය.
දැරිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබුණේ, CCTV කැමරා ක්‍රියාත්මක නොවන නිවසට ආසන්න මීටර් 150ක ප්‍රදේශයකදී දැරියට යම් සිදුවීමකට මුහුණදීමට සිදුවී තිබෙන බවය.
9 හැවිරිදි පාතිමා අයිෂා නම් දැරිය ඊයේ (27) පෙරවරු 10ට පමණ නිවසේ සිට මීටර් 200කින් පමණ දුරකින් යුත් වෙළෙඳසැළකට ගොස් තිබුණේ කුකුළු මස් රැගෙන ඒම සඳහාය.
නමුත් ඇය යළින් නිවස වෙත පැමිණ තිබුණේ නැත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
https://youtu.be/4WdTopKPoLg











































