
බස්නාහිර පළාත ම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
මේ මොහොතේ සිට ක්රියාත්මක වන පරිදිය.
පොලීසිය දැනුම්දෙන්නේ නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය ක්රියාත්මක බවය.
මේ අතර දකුණු කොළඹ, මැද කොළඹ සහ උතුරු කොළඹට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට මීට පෙර පියවර ගත් අතර එය සංශෝධනය කරමින් මෙම නව තීරණය ක්රියාත්මක කර තිබේ.


















































