header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වසර 69කට පසු දැවැන්තම හර්තාලය අදයි
May 06, 202207:30 AM
වසර 69කට පසු දැවැන්තම හර්තාලය අදයි
Mobitel 1278

1953දී ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත හර්තාලයට වසර 69කට පසුව මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් අද දිවයින පුරා සංවිධානය කර තිබේ.

වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සදහන් කළේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බල කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය සහ වැඩවර්ජන සිදු කරන බවය.

මේ සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සියලු වෘත්තිය සිමිති සහය ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව දුම්රිය සහ සියලු පෞද්ගලික බස් රථ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ නිරත වන බව දැනුම්දී තිබේ.

දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසුවේ දුම්රිය වෘත්තිය සමිති රැසක් හර්තාල් ව්‍යාපාරයට එක්වන බවය.

මේ අතර ඊයේ රාත්‍රි පොල්ගහවෙල, රඹුක්කන සහ අලුත්ගම දක්වා කොළඹ සිට ධාවනය වීමට තිබූ දුම්රිය තුනක් අවලංගුවීම හේතුවෙන් මගීන් විශාල පිරිසක් දුෂ්කරතාවට පත්විය.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් මහතා සදහන් කළේ සියලු පෞද්ගලික බස් රථ ද වර්ජනයට එක්වන බවය.

කෙසේවෙතත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදු කරන බව එම මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා ප්‍රකාශ කළේය.

හර්තාල් ව්‍යාපාරය සදහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සහය ලබාදෙන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

එමෙන්ම අද පාසල් වෑන් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා සදහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් වැඩවර්ජනයට එක්වන බවයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

මේ අතර අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සදහා සහය ලබාදීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ද තීරණය කර තිබේ.

පීඩාවට පත් ජනතාව තවදුරටත් අපහසුතාවට පත් නොකර මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබාදීමට තීරණය කළ බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

මේ අතර අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සදහා සහයෝගය ලබාදෙන බව මහබැංකු වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සරත් ඒකනායක මහතා සදහන් කළේය.

එමෙන්ම රට පුරා ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් අද දිනයේ කාර්යාල කටයුතු සිදු නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපරේතමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව අද විදේශ ගමන් බලපත්‍ර සහ ජාතික හැදුණුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවා ඇතුළු මහජන සේවා ක්‍රියාත්මක නොවන බවය.

මේ අතර පීඩාවට පත්ව සිටින ජනතාවගේ කටයුතුවලට බාධාවන ආකාරයට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට පැමිණිමට නොහැකි බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පැවසීය.

මේ අතර අද සිට ගුවන්තොටුපල ප්‍රභු පර්යන්තයන්හි රාජකාරි කටයුතුවලින් ඉවත්විමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"