
ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ඉන්දීය රජයේ සහයෝගීතාවය පළකරමින් ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද දින කොළඹ වරාය වෙත ලඟා වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.
අදාළ ඉන්ධන නෞකාව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගෙන මෙලෙස ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.
ඒ අනුව මේ වනවිට ඉන්දියාව විසින් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව වෙත විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බවද එමගින් පෙන්වා දී ඇත.


















































