
රිය අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේග මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 17ක ප්‍රමාණයක් එකිනෙක ගැටී ඇති බව වාර්තා වෙයි.
එම අනතුරුවලින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිවු දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පැවසීය.
සිදුවූ අනතුරුවලින් සුඛෝපභෝගී මෝටර් රථ, වෑන් රථ සහ ලොරි රථ වන බව පොලීසිය සඳහන් කළේය.
මාතර දෙස සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ වාහන මෙලෙස එකිනෙක ගැටී ඇති අතර කළුතර උතුර ප්‍රදේශයේ කිලෝමීටර් 23.3 ප්‍රදේශයේදී ස්ථාන තුනකදී එම අනතුර සිදුවී තිබේ.
අනතුරු සිදුවීමත් සමගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තුවාලකරුවන් රෝහල් ගත කිරීමට වහා පියවර ගෙන තිබිණි.
අනතුර හේතුවෙන් එම ප්‍රදේශයේ කොළඹ දෙසට වාහන ධාවනය වන්නේ එක් මංතීරුවක පමණක් බව වාර්තා විය.

















































