header logo
SLIC
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව IMF එකට ලියයි
Feb 02, 202209:40 PM
ශ්‍රී ලංකාව IMF එකට ලියයි

වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් ළඟදීම මෙරටට පැමිණිමට නියමිත බවය.

මේ අතර 'ගම සමග පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්' ග්‍රාමීය සංවර්ධන වැඩසටහන හෙට (03) ආරම්භ කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (02) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 100ක් වෙන්කර ඇති බවය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා,

"ඉන්දියා එක්සිම් බැංකුව සමග ගිවිසුමක් අත්සන් කළා. ටිකක් කතා කරන්න වුණා. ඒ නිසයි මෙතනට එන්න ප්‍රමාද වුණේ."

"මුළු රටම වැළඳගත්ත සංවර්ධන වැඩපිළිවෙලක් හෙට සුබ මොහොතින් ආරම්භ කරනවා. මේක අවුරුද්දක කාලයක් තුළ කරන වැඩක්. ජනතාව විසින් තෝරාගන්නා ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම මින් අදහස් කරලා තියෙනවා. රජය සපයන්නේ අරමුදල් පමණයි. අපි මේකෙදි ප්‍රධාන අංශ 4ක් යටතේ මුල්තැන දෙනවා. ඒ කියන්නේ ජීවනෝපායට, යටිතල පහසුකම්, පරිසරය හා සමාජ සංවර්ධනය."

"ප්‍රමුඛතාවය අපේ රටේ නිෂ්පාදනය වැඩිකිරීම. මුදලින් කිව්වොත් රුපියල් බිලියන 85ක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා."

"නිවාස සම්බන්ධ වෙළෙඳසැල් 14,000ක් සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන් කරලා තියෙනවා."

"මම නම් කැමති අද හෙටම ඡන්දයට යන්න. පොහොට්ටුව සූදානම්."

"ඉන්ධන මිල සම්බන්ධයෙන් මගේ බලාපොරොත්තුව අඩුවීමක්. ඉන්ධන මිල වැඩිකිරීමට එකඟද නැද්ද කියන එකට වැඩිය කැමති නෑ. කැමතිද නැද්ද කියලා අහුව නම් වැඩිය හොඳයි."

"ඉන්දියාව සමග තිබුණේ දේශපාලන සාකච්ඡාවක් නෙවෙයි. අයවැය වෙලාවේ මම ගිහින් කතාකළා ඒ උදව්ව කොටස් වශයෙන් ලැබෙනවා. ඉතුරු ප්‍රමාණය වෙනුවෙන් පෙබරවාරි දෙවන සතියේ ගිවිසුම්ගත වෙන්න බලාපොරොත්තුවෙනවා. අපිට අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් ඇතුළු දෑ ගන්න අමෙරිකානු ඩොලර් බිලියනයක් මාර්තු මුල වෙද්දි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා."

"2022 ණය පොලී ආදිය අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් ගෙවන්න තියෙනවා. අපි ඒක අනිවාර්යයෙන් ගෙවනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 30ක් අවශ්‍යයි. කඩාවැටුණු ක්ෂේත්‍ර යළි ගොඩනැගෙයි කියලා හිතනවා. ඒ අනුව අපි සැලසුම් සකස්කරලා තියෙනවා."

මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, "IMF එකත් එක්ක සාකච්ඡා කරමින්ද ඉන්නේ?"

අමාත්‍ය බැසිල් රාජපක්ෂ - "ඒකත් තහනම් වචනයක්. නිල වශයෙන් එවැන්නක් කරලා නැහැ. විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා. අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි. අවශ්‍ය මුදල් ජපන් රජයෙන් දෙන්න එකඟතාවක් තියෙනවා. ඒ දෙකම IMF එක තහවුරු කරලා තියෙනවා. හෙට අනිද්දා ඔවුන් ඇවිත් අපි නොදන්න දේවල් ගැන අපිට උපදෙස් දෙයි. ඒවා භාරගැනීම මට තනියෙන් කරන්න බැහැ. අපිට සුදුසු ක්‍රමය ගැන අපි හොයනවා."

මාධ්‍යවේදියෙක් - "ඇමතිතුමා මුදල් මුද්‍රණය කිරීම කවදා නවතියිද ?"

අමාත්‍ය බැසිල් රාජපක්ෂ - "ඒක නතර කරන්න බැහැනේ. මගේ අත්සන සහිත මුදල් තාම ගැහුවෙත් නැහැ. ඒකත් ගහන්න ඕනනේ."

මාධ්‍යවේදියෙක් - "ඉදිරියේදී වාහන ආනයනය කරනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ද?"

අමාත්‍ය බැසිල් රාජපක්ෂ - "වාහන ගෙන්න ඉස්සෙල්ලා පරිප්පු ටික ගේන්න එපැයි. මම බලන්නේ හෙට උදේ වෙද්දි පරිප්පු කන්ටේනර් ටික බේරන්නේ කොහොමද කියලා. කොහොම හරි මෙහෙම කාර් එකක් හදාගමු."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana