
මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය ව සොයාගෙන තිබේ.
දැරිය පිළිබඳ විස්තර මාධ්‍ය මගින් පළකර තිබූ අතර ඒ බව දැනගැනීමෙන් අනතුරුව දැරිය විසින් සිය මවට දුරකථන ඇමතුමක් දී හමුවීමට පැමිණ ඇත.
පසුව දැරියගේ මව විසින් පොලීසියට ඒ බව දැනුම්දී තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.
මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචිව සිටියදී එම දැරිය අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
එම දැරිය ජනවාරි මස 7 වන දින සිට එලෙස ආගිය අතක් නොමැති බවට වාර්තා වුණි.
එතෙක් සිදුකළ විමර්ශන අනුව අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පොලීසියට අනාවරණය නොවීම නිසා මාධ්‍ය මගින් ඇයගැන තොරතුරු පළ කිරීමට පොලීසිය තීරණය කර තිබුණි.
ඒ අනුව පොලීසිය ඊයේ ඇය පිළිබඳ තොරතුරු මෙලෙස මාධ්‍යට ලබාදී තිබුණි.
නම - නේහා කෞමදි හේරත්
වයස - අවුරුදු 15යි
රූප විස්තර - උස අඩි 5 අඟල් 3ක් පමණ. තලෙළුයි. කොණ්ඩය පිට මැදට වවා ඇති අතර සිහින් සිරුරක් හිමිය.
අවසන් වරට ඇඳ සිටි ඇඳුම - කොළ පැැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමක්.





















































