
වඳ සැත්කම් සිදුකළ බවට එල්ලවූ චෝදනාව මත අනිවාර්ය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි සියාබ්දීන් වෙත හිඟ වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
අනිවාර්ය නිවාඩුයැවීමකට ලක්වී සිටි වෛද්‍ය මොහොමඩ් ෂාෆි සියාබ්දීන් මහතාට හිඟ වැටුප් ගෙවන ලෙස දන්වා කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය.එස්. එච්. මුණසිංහ විසින් පසුගිය 6 වනදා ලිඛිතව දැනුම් දී තිබේ.
අනිවාර්ය නිවාඩු යවා ඇති වෛද්‍ය ෂාෆි හට වැටුප් නොගෙවීමට හේතුව තමා වෙත දන්වන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා ලබාදී ඇති උපදෙස්වල සඳහන් විය.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ වෛද්‍ය ෂාෆි රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සිදුකළ අභියාචනයකට අනුව එම කොමිසම විසින් අදාළ වැටුප් ගෙවීම සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති බැවින් මෙම පියවර ගත් බවයි.
කෙසෙවෙතත් වෛද්‍ය ෂාෆි යළි සේවයේ පිහිටුවීමක් සිදුනොකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
https://youtu.be/_4ymfmVHwhc
















































