
කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (03) පෙරවරුවේ ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ.
දයාරත්න රටගෙදරගේ ගුරුලිපි නාට්‍යයෙන්, වේදිකා නාට්‍ය රංගනයට පිවිසි සම්පත් තෙන්නකෝන් මහතා තලමල පිපිලා, පුත්‍ර සමාගම, ගුරු තරුව, සුදු රෙදි හොරු, රෝමය ගිනිගනී, හිට්ලර්, අඹුසැමියෝ, නුඹ විතරක් තලඑලළුයි ආදී වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ.
රංදොරටුව, බුමු තුරුණු සහ භාග්‍යා වැනි ටෙලි නාට්‍යවලද අහස් මාළිගා, මධුරි, ගිනිඅවි සහ ගිනිකෙළි, සරෝජා, පත්තිනි, සිරි පැරකුම්, සිරි රජ සිරි ආදී චිත්‍රපටවලද ඔහු රංගනයෙන් දායක වුණි.
සම්පත් තෙන්නකෝන් මහතා ප්‍රවීණ රංගන ශිල්පිණී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමි පුරුෂයාය.
මියයන විට සම්පත් තෙන්නකෝන් මහතා 62 වන වියෙහි පසුවුණි.



















































