header logo
SLIC
උණුසුම් පුවත්
2022 අයවැය සම්පූර්ණ කතාව මෙතැනින්
Nov 12, 202104:57 PM
2022 අයවැය සම්පූර්ණ කතාව මෙතැනින්
Mobitel 1278

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය මෙය වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය යෝජනාවලියද රැගෙන අද පස්වරු 2ට පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අයවැය කථාවට සවන්දීම සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියේය.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පළමු අයවැය වාර්තාව මෙය වේ.

ඒ අනුව, ගුරු - විදුහල්පති වැටුප් විෂමතා විසඳීම, දුම්වැටි හා සුරාබදු ඉහළ නැංවීම, රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම ඇතුළු යෝජනා මාලාවක් අද ඉදිරිපත් කෙරුණු අයවැය මගින් යෝජනා කර තිබේ.

එමෙන්ම අනතුරට ලක්වන මෝටර් රථ වාහනවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කෙරෙන අතර එම ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කරගැනීමටත් අයවැයෙන් යෝජනා කර ඇත.

ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමටත් මෙවර අයවැය යෝජනා අතරට අයත් වේ.

රාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25කින් කපා හැරීමත් අයවැය යෝජනා අතරට ඇතුළත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුපක් ලැබීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන කාලය අඛණ්ඩව වසර 10ක් දක්වා දීර්ඝ කිරීමද මෙවර අයවැයේ සුවිශේෂී යෝජනාවකි.

අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ මාසික ඉන්ධන දීමනාව ලීටර 5කින් අඩුකිරීමටත් අයවැයෙන් යෝජනා කර තිබේ.

කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාදී ඉලක්කගත වගාවන් වෙනුවෙන් විශේෂිත පොහොර මාදිලි සකස් කිරීමට අවශ්‍ය කරන ව්‍යාපෘති ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමටත් මෙවර අයවැයෙන් යෝජිතය.

ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට හා එම අධිකාරිය මගින් ත්‍රිරෝද රථ ගාස්තු හා සේවා ප්‍රමිතිකරණ තීන්දු ගැනීමට යෝජනාවක්ද මෙහි අන්තර්ගත වේ.

ගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීම මින් ඉදිරියට විවෘත වෙන්දේසියක් හරහා පමණක් සිදුකිරීමට යෝජිත විය.

2021 අයවැය මගින් යෝජනා කළ දැනට කෙටුම්පත් කර ඇති විශේෂ භාණ්ඩ බද්ද 2022 ජනවාරි මස සිට එම පනතින ආවරණය වන භාණ්ඩ හා සේවා සඳහා ක්‍රියාත්මක කිරීමේ යෝජනාවද මෙහි අන්තර්ගතය.

එළඹෙන මුදල් වර්ෂයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කිරීම සඳහා කටයුතු ආරම්භ කිරීමට මුදල් අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේය.

වසවිෂවලින් තොර වල්නාශක පරිහරණ ක්‍රම හා වල්පැලහරණය සඳහා විකල්ප දිරිගැන්වීම වෙනුවෙන් හෙක්ටයාර 02කට උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5,000 බැගින් ආධාර මුදලක් ලබාදීමට ද යෝජනා වී විය.

"ගම සමග පිළිසඳර" වැඩසටහන යටතේ සෑම ගමකම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3ක් වෙන් කිරීමට යෝජිතය.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සිය කොට්ඨාසය සංවර්ධනය සඳහා ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන තවත් රුපියල් මිලියන 5කින් වැඩි කරන අතර ඒ අනුව 2022 වර්ෂය සඳහා සෑම මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 15 බැගින් හිමිවනු ඇති.

කුඩා සුපිරි වෙළඳසල් ජාලයක් (HOME SHOP) ග්‍රාම සේවා වසම් මට්ටමින් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 15,000ක පමණ ප්‍රතිපාදනයක් මෙවර අයවැයෙන් වෙන් කෙරේ.

ග්‍රාම සේවා වසම් මට්ටමින් දිළිඳු පවුල් සඳහා සහන මල්ලක් ලබාදීමට රු.මි. 15,000ක් වෙන් කර තිබේ.

ජාතික පාසල් 1,000ක් ඇති කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වෙන් කළ මුදලට අමතරව තවත් රු.මි. 5300ක මූල්‍ය ප්‍රතිපාදනයක් අයවැය යෝජනාවක් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.

සෞඛ්‍ය සේවා පවත්වාගෙන යන ආයතන සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ මුදලට අමතරව තවත් රු.මි. 5,000ක් වෙන් කිරීමටත් යෝජිතය.

පොලිස් සේවාවන්ට අවශ්‍ය පහසුකම් සංවර්ධනය සහ පොලිස් නිලධාරීන් බඳවාගැනීම වෙනුවෙන් වෙන් කළ මුදලට අමතරව තවත් රු.මි. 500ක් වෙන්කිරීමත් අයවැය යෝජනා අතරට ඇතුළත් වේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව රු.මි. 500ක්ද අයවැයෙන් යෝජිත විය.

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට වෙන් කළ මුදලට අමතරව තවත් රු.මි. 30,000ක් වෙන් කිරීමටත් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

2015 - 2019 අතර කාලය තුළ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමත් අයවැය යෝජනාවලියට ඇතුළත් විය.

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 500ක්ද වෙන් කෙරේ.

2020 - 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000කට වඩා බදු ආදායමක් සහිත පුද්ගලයින් හෝ සමාගම් මත එක වරක් පමණක් අය කෙරෙන සියයට 25ක අධිභාර බද්දක් අය කිරීමට යෝජනා කර ඇත.

බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අය කරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබේ.

කොවිඩ් වසංගතයෙන් බලපෑමට ලක්වූ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් සියයට 2.5ක අනුපාතය යටතේ වසරකට රුපියල් මිලියන 120ක් ඉක්මවන පිරිවැටුම මත සමාජ සංරක්ෂණ දායක මුදලක් 2022 වසරේ අප්‍රේල් 01 වනදා සිට අය කිරීමට යෝජනා වී තිබුණි.

දුම්වැටි මත අය කරන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකෙරෙන අතර ඒ අනුව එක දුම්වැටියක මිල රුපියල් 5කින් වැඩි කෙරෙනු ඇති.

එමෙන්ම සුරාබදු වැඩි කිරීමටත් අයවැයෙන් යෝජිතය.

2022 මුදල් වර්ෂය සඳහා ප්‍රදාන ද ඇතුළු ඇස්තමේන්තුගත සමස්ත රාජ්‍ය ආදායම වන්නේ රුපියල් බිලියන 2284කි.

රජයේ සමස්ත වියදම් ලෙස රුපියල් බිලියන 3,912ක් දක්වා තිබේ.

ඒ අනුව මෙවර අයවැය පරතරය දැක්වෙන්නේ රුපියල් බිලියන 1,628ක් ලෙසය.

අදින් ආරම්භ වන අයවැය දෙවනවර කියවීම හෙට (13) සිට ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත් වේ.

දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 22 වැනි සඳුදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාව හෙවත් අයවැය තෙවනවර කියවීම නොවැම්බර් 23වනදා සිට ආරම්භ වීමට නියමිත අතර එම විවාදය දින 16ක කාලයක් පැවැත් වේ.

අනතුරුව තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා සිදුකිරීමට නියමිතය.

එම සම්පූර්ණ ලේඛනය මෙතැනින් බලන්න

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව