
2021 ගෝලීය සාගිනි දර්ශකයේ 65 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකය සඳහා මෙවර ලොව පුරා රටවල් 116ක් ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වේ.
ඒ අනුව මෙවර ලකුණු 16ක් ලබාගෙන ඇති ශ්‍රී ලංකාව මධ්‍යස්ථ මට්ටමක පසුවන බව එම දර්ශකයෙන් පෙන්වා දී ඇත.
චීනය, බ්‍රසීලය, කුවේට්, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක්, 5ට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් මෙවර දර්ශකයේ සාගිනි අඩුම රටවල් අතර පළමු ස්ථානයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාවේ සෙසු රටවල් සාගිනි දර්ශකයේ ඉහළ ස්ථානවල පසුවන අතර අසල්වැසි ඉන්දියාව අවදානම් මට්ටමේ පවතින රටවල් අතරට අයත්ව ඇත්තේ මෙවර 101 වන ස්ථානයට පත්වෙමිනි.
මියන්මාරය 71 වන ස්ථානයට, නේපාලය හා බංග්ලාදේශය 76 වන ස්ථානයට සහ පාකිස්ථානය 92 වන ස්ථානයට පත්ව තිබේ.
2020 ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 64 වන ස්ථානයයි.

















































