
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා පස් දින සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණීමට නියමිතය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක නිරත වන බව යුද හමුදාව සඳහන් කළේය.
මෙම සංචාරය තුළදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් සහ ආරක්ෂ අංශ ප්‍රධානීන් හමුවීමට නියමිතව ඇත.
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් නාරාවන මහතා ලබන බ්‍රහස්පතින්දා සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර උත්සවයටද සහභාගීවීමට නියමිතය.
















































